පැලැස්තරය
ලෝකයේ දැන ගැනීමට ඇති බොහෝ දේය. ඒ හැමදෙයක්ම සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැක.හැමදෙයක්ම යන්තම් හෝ දැනගැනීම, අත්විදීම හරහා යන්න හදන උත්සහයක්.
හිනැහෙන්න ආසයි මම
ලෝකයම දෙවනත් වෙන්න..
වැජබෙන්න ආසයි මම
ලෝකයට ඉහලින්ම..
විදගන්න ආසයි මම
ආදරය මහ වැසි විලස..
සිඹින්නට ඔබේ දෙතොල
ආසයි මුලු ලොවට පෙනෙන්නට..
අන් කිසිත් නැත මිනිසෙකුට
ප්‍රේමයක් නැති වේදිකාවක..
දහ අට ප්ලස් අපේ ජීවිත වල
අසම්පූර්ණ අපේ කතාව
ලියාගන්න වෙර දරන අපි
නොනිමි හීනයක හිරවෙලා
පාට කණ්නාඩි වලින් වැහුන කලු සුදු ලෝකය
ෆැන්ටසියක් ලෙස දකින අපි
තියන සිස්ටම් එකට ඇප්ලයි වෙමින්
උදේට යන හවසට එන ජීවිතය තෝරාගනියි
එකොනොමි එකට ගැලපෙන
බඩගෝස්තරය සපිරෙන
මෙතඩ් වලට ඇප්ලයි වෙලා
වෙනසක් කරන්න කතා කරනවා අපි
නඩුත් හාමුදුරුවන්ගේය
බඩුත් හාමුදුරුවන්ගේය
ස්ටේජ් එකත් උන්නැහේලාගේමය
ඔව්, ඔබලා ශුද්ධ වූ ඩයල්ය
සීනි මෙන් මිහිරිය
හෙරොයින් වලට විරුද්ධය
කොකේන් වලට තහනමය
නමුත්,
අදයි මම දැගත්තේ
සීනිකොකේන් වලට වඩා
අට ගුණයකින්
විස බව..
හිරු නගින්නට පළමු කොට
අප දිවිය එලි කළ දිනපති,
රශ්මි ධාරා විද දරාගෙන
අපට සිහිලස දුන් තරුපති,
රජ පුටුව මත මා හිදෙව්වේ
ඔඹේ දහදිය අනා ගල් බැදි මාලිගේ..
තුන් කල් ගියත්
නබෝගැබ පුරා විහිදුනු
ඔබේ සෙවනේ ඉන්න
ආසයි මට තාත්තේ..
හාදු නැති ඒ පාලු හදකට
හාදුදෙන්නට මාන බලනා සර්පයා
ඕන ලිදකින් වතුර බොන්නට
කඩුලු පනිනා සර්පයා
ඇගේ කදුලැලි පිසලමන්නට
දෑත දිගු කල ඒ කෙනා
යහන් සුව විද සර්ප වෙස් ගෙන
යන්න යන ඒ ඔහු තමා...
සර්ප වෙස් ගත් පිරිමි ප්‍රාණිය
සිර කළා ඇගෙ සුමුදු සිහිනිග
තවරලා ඌ සර්ප හැව යට
දූලි කළ හැටි ගැහැණු සිහිනය..
යහන සරසා සුමුදු නල් පෙති
ඒ යටින් විස දළ ද අතුරා
රාගයම විතරයි උගේ
කෙදිරියක් ලෙස පිට වුනේ..
ඇගේ තුගු ළැම හප කළා ඌ
ඉතිරි නොකරම කිරි සිහින මතු.
ඒත් ගැහැණිය බලා සිටියා
ගෙනෙන තුරු පෙම් සිහින විසකුරු..
උඹ දුන්නේ කොපුව මට,
මම එදා නොදින්නත්
කුමාරයෙක් උනා මම,
වැද්දා දින්නත්
මගේ කඩුවෙන් මටම ඇන,
වැද්දා යාවි උඹ අතහැර කැලය මැද
කීවා පුවත එදවස මතකද උඹට,
උඹ අද රගයි තනිවම
මනමේ.. නාටකය...
අන්තිම කොටස මම බැලුවේ,
බැල්කනි සීට් එකේ හිද...
බුරුමයෙන් විදින පොරවල්
අතර,
සැගව මානමි හරස් හුය
කොකා ගස්සන්ට මගේ ගිනි කඳ,
රුසියාවට වැඩිය ලොකු
මගේ හීනය රැකගන්නට..
ආදරය යනු
දෙදෙනකු අතර
ඇතිවන්නාවූ
අසීමිත ලෙන්ගතුකමකි..
නැතිව,
එටෙන්ෂන්
හෝ
කෙයාරින්
නොවන්නේය..
නමුත් ගැහැණුන්
ආදරයට
වඩා
හොයන්නේ
එටෙන්ෂන්
හා
කෙයාරින්ය..
කාගෙත් පයට පෑගෙන
මිහිකත හොදට හදුනන
වෙන් නොවන පෙම් හවුල
ගෙන යයි අපිව ලෝ මත හැම තැන
දුප්පත් පොහොසත් බේද නැති
කාටත් එක ලෙසට සලකති
දුක සැප නිහඩවම විදගනි
අපට සුව දෙන පිණිස කැපවෙති
රබර් මෙන් වුවද
කාගෙත් හිතවතා විය කවදත්
ගෙවුන කළ විසි කෙරුවත්
රබර් මිරිවැඩිසගල දෙයි මට රාජ ගැම්මක්