පැලැස්තරය

ලෝකයේ දැන ගැනීමට ඇති බොහෝ දේය. ඒ හැමදෙයක්ම සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැක.හැමදෙයක්ම යන්තම් හෝ දැනගැනීම, අත්විදීම හරහා යන්න හදන උත්සහයක්.

Wednesday, December 7, 2011

ලෝකේ සැරම "ඇල්කොහොල් අඩංගු පානයන්" මොනාද ? ඒවා බොන්නේ කොහොමද ?



ඇල්කොහොල්  8-} පානයන් යනු එතනෝල් නම් වූ රසායනික සංයෝගය අඩංගු වන පානයන්ය. ඇල්කොහොල් පානයන් ප්‍රධාන කාණ්ඩ තුනකි.

1.බීර වර්ග(Beer) - වතුර හා තේ හැරුනු විට ලොව ජනප්‍රියම තුන්වන  පානය වන්නේ බීර =)) වේ.
2.වයින් වර්ග(Wine) - මිදි හා වෙනත් පළතුරු වලින් නිපදවේ.
3.ස්ප්‍රිතු වර්ග (Spirits) - වාශ්පීකරණය මගින් ලබා ගනී.

හැබැයි මම මේ කියන්න යන හැම එකක්ම අයිති වෙන්නේ ස්ප්‍රිතු කාණ්ඩයටයි.

190 පෘෆ් එවර් ක්ලියර් (Everclear®)

ලෝකේ වැඩිම ඇල්කොහොල් අඩංගු පානය ලෙස ගිනස් පොතට එකතුවෙලා තියෙන්නෙත් මේ පානය තමයි. ධාන‍ය වර්ග භාවිතයෙන් නිපදවෙන මෙහි ඇල්කොහොල් ප්‍රතිශතය 95%ත් 75.5% :D අතර වේ.

ඒත් දුක හිතෙන කාරනේ තමයි, මේක ගොඩාක් රටවල තහනමට ලක්වෙලා තිබීම :( . ඒ හේතුව නිසා මේක ලෝකේ ප්‍රසිද්ධ රටකදි පවා හොයා ගැනීම තරමක් අපහසුයි :( .

හොයා ගන්න එකෙන් වැඩක් නෑ නේ බොන හැටි කියපන්කෝ නේද =)) ...

මේක ගොඩක් දෙනා නිර්දේශ කරන්නේ නම් කලවන් නැතුව (neat - ඔහොම කිව්වාමනේ අපේ අය දන්නේ :) ) පානය කරන්න කියලා තමයි.
හැබයි මේක මිශ්‍ර පළතුරු යුෂ, ශක්ති ජනක පාන (රෙඩ්බුල් වගේ), සීත කල තේ වගේ දේවල් සමග යම් පමණකට මිශ්‍ර කර පානයට ගනි.


ඩෙවිල් ස්ප්‍රින්ග්ස් වොඩ්කා (Devil Springs® vodka)
වොඩ්කා... පොදුවේ වොඩ්කා ගැන කිව්වොත් ඉතිං වොඩ්කා නොබීපු කෙනෙක් නැතුව ඇති(සෙට් වෙන අය අතරින් හොදේ... :)) ). නමුත් මේ >:) ඩෙවිල් ස්ප්‍රින්ග් බ්‍රෑන්ඩ් එකේ තමයි වොඩ්කා අතුරින් වැඩිම ඇල්කොහොල් ප්‍රතිශතය වන 80%ක ප්‍රතිශතයක් අඩංගු වෙන්නේ. සාමාන්‍යයෙන් වොඩ්කා හදන්නේ ධානය, අර්තාපල් වගේ දෙවල් ඇසුරින්.

වොඩ්කා බොන ක්‍රම නම් කීපයක්ම තියනවා.හැබයි වොඩ්කා බොන්න කලින් සැහැල්ලු දෙයක් කාල ඉන්න පුලුවන් නම් හොදයි. සාම්ප්‍රදායික ක්‍රමය නම් කලවන් නැතුව (Neat) ෂොට්ස්(30mil පමණ) ගන්න එකයි. කොහොමත් වොඩ්කා දිව ගගා බොන්නේ නෑ =)) . ෂොට්ස් තමයි ගන්නේ.

අනිත් ප්‍රසිද්ධම ක්‍රමය තමයි දොඩම් යුෂ සමග මිශ්‍ර කර පානය කිරීමයි. ඕක නම් ගොඩාක් අය දන්නව නේ :) .

තව ලස්සන ක්‍රමයක් තියනවා. වොඩ්කා වලට සීත කළ සෝඩා මිශ්‍ර කර ගන්න (ෂොට් එකක තරමට හොදේ). අයිස් කැට කීපයක්ද එක් කරගන්න. දැන් හොදින් කලවම් කරගන්න. දැන් ලෙමන් පෙත්තක් හරි දෙහි පෙත්තක් හරි ගන්න. ෂොට් එක වරම පානය කරලා ලෙමන් පෙත්ත හපන්න. ම්ම්ම්ම්ම්.... =))

දැන් ඊළග ශොට් එක ගන්නකන් ලුණු මිශ්‍ර පිපිඤ්ඤ හරි අර්තාපල් වගේ දෙයක් ආහාරයට ගන්න. වැඩිපුර මැයෝනීස් යෙදු සලාදද යෝගය වේ. හැබැයි රුසින්කාරයෝ නම් ඔලිව් තෙලුත් ගන්නවලු :/ .

ඒ වගේම තමයි වොඩ්කා පානයෙන් පසු හොද බර ආහාර වේලක් ගන්න :) .


ඇබ්සින්ත්(Absinthe®)

"කොළ සුරදූතිය" :D නම් අන්වර්ත නාමය හිමි ඇබ්සින්ත් Anise , Grande wormwood, Fennel නම් වු බෙහෙත් පැළෑටි යොදාගෙන නිෂ්පාදනය කරයි. ඇබ්සින්ත් ප්‍රධාන කාණ්ඩ වර්ග හතරකි.

Blanche, or la Bleue - අවර්ණය, ස්විස් ක්‍රමයේ ඇබ්සින්ත් මෙ නමින් හදුන්වයි
Verte - කොළ පැහැතිය, ප්‍රංශ ක්‍රමයේ ඇබ්සින්ත් මෙ නමින් හදුන්වයි
Absenta - පැණි රස ගතිය වැඩි ස්පාඤ්ඤය ක්‍රමයේ ඇබ්සින්ත් මෙ නමින් හදුන්වයි
Bohemian style absinth - ඇබ්සින්ත් නිපදවීමේ ප්‍රධාන බෙහෙත් පැළෑටි තුනෙන් එකක් වන "වෝම් වුඩ්" වැඩි වශයෙන් යොදාගෙන තනන චෙක් ජනපද ක්‍රමයේ ඇබ්සින්ත් මේ නමින් හදුන්වයි.

මෙම කාණ්ඩ හතරම විවිධ බ්‍රෑන්ඩ් ලේබල් යටතේ වෙළදපොළට එන අතර සාමානයයෙන් ඕනෑම ඇබ්සින්ත් පානයකම ඇල්කොහොල් ප්‍රතිශතය 74%ත් 53%ත් අතර වේ. මේ අගයන් අතර විවිධ ප්‍රතිශතයන්ගෙන් යුත් ඇබ්සින්ත් නිෂ්පාදනය කෙරේ. මේ නිසා ඇබ්සින්ත් වලට තුන්වන තැන හිමිවේ.

ඇබ්සින්ත් බොන අලංකාර ක්‍රම කීපයක්ම තියනවා :) .

පාරම්පරික ප්‍රංශ ක්‍රමය
මෙහිදී ඕන වෙනවා ඇබ්සින්ත් හැන්දක් (සිදුරු කීපයක් සහිත හැන්දක් මේ සදහා භාවිතා කළ හැක)
ඇබ්සින්ත් හැන්ද

තරමක් උස වීදුරුවක් ගෙන එයට ඇබ්සින්ත් 30mil පමණ දමා ඒ වීදුරුව මත හැන්ද තබන්න. හැන්ද මත සීනි කැටයක්(මේවා නම් ලංකාවේ තියනවද දන්නේ නෑ) තබන්න. පසුව සෙල්සියස් අංශක බින්දුවේ තිබෙන පිරිසිදු අයිස් වතුර බිංදුව බිංදුව සීනි කැටය මතට වක් කරන්න. මෙලෙස ජලය 100mil පමණ එක් කරගන්න. හොදින් කලතා පානයට ගන්න. අවශ්‍යය නම් අයිස් කැට කීපයක් එක් කරගන්න.



වීදුරුව තුල වීදුරුව ක්‍රමය
මෙය ඉතා ලෙහෙසි ක්‍රමයක් වේ. රූපයේ පරිදි විශාල වීදුරුවකට කුඩා වීදුරුවක් බස්සා එයට ඇබ්සින්ත් පුරවා ගන්න. පසුව ඉහත පරිදිම අයිස් වතුර 100mil පමණ කුඩා විදුරුවට වක් කරන්න. මෙහිදි ඇබ්සින්ත් හා ජලය මිශ්‍රණය උතුරා ගොස් ලොකු වීදුරුවේ රැදෙන අතර කුඩා විදුරුවේ ජලය පමණක් ඉතිරි වේ. ඉන්පසු කුඩා විදුරුව ඉවත් කර පානයට ගන්න.

චෙක් හෝ නවීන බොහීමියන් ක්‍රමය
පළමු ක්‍රමයේ පරිදිම ඇබ්සින්ත් 30mil පමණ වීදුරුවට දමා ඇබ්සින්ත් හැන්ද මත සීනි කැටය තබාගන්න. දැන් සීනි කැටය ඇබ්සින්ත් බිංදු කීපයකින් තෙමා ගන්න. දැන් සීනි කැටය දහනය කරවන්න. එවිට සීනි දියවීමට පටන්ගෙන විදුරුව තුලට වැටේ. මිනිත්තුවකට පමණ පසු දැල්වෙන සීනි කැටයත් සමගම හැන්ද විදුරුව තුලට දාන්න. මෙහිදී එක වරම ජ්වලනය වීම නිසා ඇබ්සින්ත් මත කුඩා ගිනි දල්ලක් මතුවේවි (පරිස්සමෙන් හොදේ) දැන් ඒ මතට අවශය පමණට අයිස් වතුර එක්කර පානයට ගන්න.



හොද පලපුරුද්දක් ඇත්නම්, පමණ දනී නම් පමණක් මෙය කලවම් නොකරද(Neat) ගත හැක. නමුත් මෙහි බලපෑම තදබල බැවින් කල්පනාවෙන්. මෙහි ඇති බලපෑම නිසාම තමයි මෙයට තුන්වන තැන හිමි වෙන්නේ.

කවියෙකු වන ඔස්කාර් වයිල්ඩ් (Oscar Wilde) ඇබ්සින්ත් පානය කිරීම ගැන කියන්නේ මෙන්න මෙහෙමයි.

"After the first glass, you see things as you wish they were. 
After the second, you see things as they are not. 
Finally, you see things as they really are, and that is the most horrible thing in the world." =))

පහත දැක්වෙන්නේ "ඇබ්සින්ත් පානය කරන්නා" යන තේමාව යටතේ Viktor Oliva නම් වූ චිත්‍ර ශිල්පියා ඇදි චිත්‍රයයි.
ඇබ්සින්ත් පානය කල පසු ඇතිවන බලපෑම ගැන දළ අදසක් ඔබට දීමට එය සිතුවමට නැගු සිතුවමක් දීමෙන් බලාපොරොත්තු වුනෙමි

බකාඩී 151(Bacardi® 151)

බකාඩි 151 කියන්නේ ඊළගට වැඩිම ඇල්කොහොල් ප්‍රතිශතයක් වන 75.5%ක් අඩංගු රම්(Rum) බ්‍රෑන්ඩ් එකක්. බකාඩි තමා ලෝකයේ හොදම රම් නිෂ්පාදකයන් හැටියට හැදින්වෙන්නේ.

උක් ගස් වල යුෂ මගින් හා උක් පැණි :P යොදාගෙන තමයි රම් නිෂ්පාදන කරන්නේ.

රම් බොන්න නම් විශේෂ ක්‍රමයක් නෑ.. හැබැයි කොකො කෝලා හා අයිස් සමග මිශ්‍ර කලාම හොද රසයක් ගන්න පුලුවන්ලු :P . එමෙන්ම රම් යනු බොහෝ කොක්ටේල් වර්ග රැසක් වෙනුවෙන් යොදාගන්නා පානයක්.

සියෙරා සිල්වර් ටෙකීලා(Sierra Silver Tequila®)
පොදුවේ ටෙකීලා ගත්තොත් "Blue agave" කියන පැළෑටියෙන් තමා නිපදවෙන්නේ. ඇල්කොහොල් ප්‍රතිශතය 38% වන මෙක්සිකෝවේ නිපදවෙන සියෙරා සිල්වර් ටෙකීලා තමයි පස්වන තැන ගන්නේ. ඇත්තටම ටෙකීලා, මෙක්සිකෝවේ  ටෙකීලා කියන ගමේදී තමයි මුලින්ම නිෂ්පාදනය වෙලා තියෙන්නේ.

කලින් කිව්ව ඔක්කොටම වඩා අපූරු ක්‍රමයකට තමයි ටෙකීලා බොන්නේ :) . ටෙකීලත් බොන්නේ ෂොට්ස් විදිහට.

ඕන වෙන්නේ ලුණු ස්වල්පයක්, ලෙමන් හෝ දෙහි පෙති කීපයක් ෂොට් ග්ලාස් එකක්(කුඩා වීදුරුවක්) හා ටෙකීලා

රූපයේ පරිදි ලුණු ස්වල්පයක් අතට ගෙන දෙහි කැබැල්ල රූපයේ පරිදි අල්ලාගන්න. අනිත් අතින් ටෙකීලා වීදුරුව අල්ලා ගන්න. ඔන්න දැන් තමා සෙල්ලම තියෙන්නේ  =)) .

හොද හුස්මක් අරගෙන ලුණු ස්වල්පය කන්න (ඇත්තම කිව්වොත් ලෙවකන්න) ඒ සැනින්ම ටෙකීලා වීදුරුව කටේ හලාගන්න, උගුරෙන් පහලට යනකම් තත්පර කීපයක් හිස ඉහලට හරවාගෙන ඉන්න. ඊලග හුස්ම ගන්න කලින් දෙහි පෙත්ත හපන්න. ම්ම්ම්... :D

ඕං ඔහොමයි ටෙකීලා බොන්නෙ..... @-)



සැ.යු : මෙය කිසිවිටක මත්පැන් දිවගෑමට දිරිගැන්වීමක් නොවේ. දැනගැනීමේ ආශාව මත මා කළ විමර්ශනයක් පමණි. පොතට පතට සීමාවූ ජීවිතයේදී :-B සොයාන්නට වෙර නොදැරූ :-s දේවල් ගැන නිවැරදි කෝණයකින් :-? බැලීමකි. බේබද්දකු වීම උදෙසා නොව ජීවිතය විදීම උදෙසා කළ සොයා යෑමකි... :)  :-t





Tuesday, September 13, 2011

එල්විස් ප්‍රෙස්ලි හිට් උන හැටි...



ඔන්න ඉතිං එල්විස් ප්‍රෙස්ලි කොල්ලා සිංදු කියන කාලේ ඔය කොල්ලට තිබ්බ ආකර්ෂණය
ගැන ඉතිං අටුවා ටීකා අවශ්‍යය නෑ නේ... මොකද ඉතිං මම දන්නේත් නෑ =)) ...  මම
හිටියෙත් නෑ නේ ඒ කාලෙ..

ඒ උනාට ඉතිං ඔය කොල්ලා හදිසි‍යේම හිරෙන් පැනලා ආපු සතුටට කියපු සින්දුවක් නිසා තමා කොල්ලා පට්ට වැඩකාරයෙක් උනේ.. එවෙලේ දාපු ඩාන්ස් එක අදටත් කාටවත් දාන්න බෑලූ..ඒ උනාට ඒකත් කොපි කරපු එකක්නේ :D (ෆොරස්ට් ගම්ප් බලපු අය දන්නවා ඇතිනේ =))   )...කොහොම හරි කොල්ලා ඉතිං හිරගෙදර පට්ට ආතල් කියලා තමා සිංදුවෙන් කිව්වේ.. " හිරගේ රොක් "... (මේ දන්නේ නැති නිසා අහන්නේ.. ඔය රොක් කියන වචනේ නියම සිංහල තේරුම මොකක්ද? :D )


පස්සේ ඉතිං දවසක් කොල්ලා අලුතෙන් ගත්ත රෝස පාට කැඩිලැක් එකේ නැගලා "කෙන්ටාකි ෆ්‍රයිඩ් චිකන්" (කේ.එෆ්.සී) කන්න කියලා හිතාගෙන කෙන්ටාකි පැත්තේ ගියා.. ඔන්න ඉතිං කඩේ ලගට ඇවිල්ලා බහින්න හදනකොටම කඩාගෙනම වැටුනානේ මහ වැස්සක්.. අනේ ඉතිං වැස්ස පායනකන් කාර් එකට වෙලා හිටපු එල්විස්ට මේ මහා වැස්ස ගැන සිංදුවක් කියන්න හිතුනා.. කාර් එකේ ඉදන්ම "කෙන්ටාකි වැස්ස " කියලා සිංදුවක් කිව්වා.කොහොම හරි එල්විස්ගේ සිංදුව නිසා සුදුරෑවුල් සීයගේ බැදපු මස් කඩේ :D හිටේ හිට් උනා..


මිනිහා ඉතිං හැන්ඩියනේ, ඒ නිසා කෙල්ලෝ එහෙම මිනිහට වහ වැටිලා හිටියේ.. එල්විස් එක්ක කතා කලත් ඇති.. මොන තරම් ජනප්‍රිය උනත් එල්විසුත් අපි වගේ කොල්ලෙක්නේ..  :D  ඉතිං මිනිහට දවසක් කොටුවක් පනින්න කෙල්ලෙක්ගෙ ගෙවල් පැත්තේ ගියා. ඔන්න ඉතිං තාප්පෙන් පැනලා අඩි දෙකක් යන්න උනේ නෑ.. දඩයම් බල්ලෙක් ඇගට කඩා පැන්නා.. එල්විස් කෙලින්ම දිව්වේ කෙල්ලගෙ කාමරේට... ඊට පස්සේ මොකද උනේ දන්නවද ඔයා......  :D , පැනපු ගමන් රිංගුවා ඇද යටට.. කෙල්ල බල්ලාව ශේප් කරගෙන කාමරෙන් එලියට අරන්ගියා.. ඇද යට ඉන්න ගමන් එල්විස්ට මතක් උනා ගිරිරාජ් වීරරත්න (ඉරාජ්ගේ සීයා =)) ) කියල  ශ්‍රි ලංකන් පොරක් මිනිහට දිපු හිටවන කවිය. ඇද යට ඉන්න ගමන්ම තාලෙකුත් අල්ලලා "දඩයම් බල්ලා " කියලා බල්ලා ගැන සිංදුවක් කිව්වා...  :D


මිනිහා ඉතිං කෙල්ලෙක් හම්බෙන්න නිතර ආපු ගියපු හොටෙල් එකක් තිබ්බා. ඇත්තම කියනවා නම් මිනිහා කෙල්ලට ලව්.. ඒත් එක අදුරු මූසල දවසක =)) කෙල්ල එල්විස්ට මෙහෙම කියනවා. "අපි දෙන්නා ගැලපෙන්නේ නෑ. අපි ආයෙ හම්බ නොවි ඉමු." එහෙම කියලා ඉවරවෙලා කෙල්ල මෙහෙම කියනවා "අපි කතා නොකර ඉමු සිනා නොවි ඉමු ටික දවසක්.... :D" . එල්විස්ට පැන්නා මල. මේකි මට සිලෝන් වල සිංදුවකින් අරින්න හදන්නේ නේද කියලා. කොල්ලා හොටෙල් එකට කෙල වෙලා යන්නත් එක්කම "හදවත බිදුණු හෝටලේ" කියලා සිංදුවක් කිව්වා.අපේ අල්ලපු වැටේ "ගීතා කුමාරි" ඇන්ටි කෙල්ල කාලේ තමා එල්විස්ට බූට් එක තියලා තියෙන්නේ.


ඔන්න ඔහොමයි එල්විස්ගේ රස කතා.. එල්විස්ගෙ දුව පොඩ්ඩ (පොඩි නෑ හොදේ :P ) මට ප්ලේන් එකේදි සෙට් උනා.. එවෙලේ තමා මේ ටික කිව්වේ. :D දැන් ඔන්න හැන්ඩ්ෆෝන් නම්බර් එක එහෙම ඉල්ලනවා නෙමෙයි. :D




Wednesday, August 31, 2011

"තෙන්න.ඒ.කෝන්" ෆීචරින් "දාවිත් ගැට්ටා" අන්ඩ් "මාලි" Vs "ගැමුණු"




තෙන්න. ඒ. කෝන් ගේ හොදම යාලුවා දාවිත් ගැට්ටා දවසක් සකපෝරුව කරකවන ගමන් තාලයක් අල්ලන්න හිතුවා, මිනිහා ඉතිං රාග තාල වලට දස්සයා.. කොහොම හරි තෙන්න.ඒ.කෝනුත් වැඩේට උදව් කළා... යාලුවට සප් එක නොදන එකාගෙන් ඇති වඩේ මොකක්ද නේ  ..දාවිත් කොල්ලා තාල ඇල්ලුවට සිංදු කියන්න දන්නේ නෑ ... ඒ උනාට තෙන්න.ඒ.කෝන් කොලුවා නම් රෑ පැල් රකිනකොට ලස්සනටම පැල් කවි කියන කොලුවා හැටියට ගමේ ප්‍රසිද්ධ වෙලා උන්නේ ...

පස්සේ දෙන්නා එක්ක එකතුවෙලා සකපෝරු රාගතාලෙට පද මාලාවකුත් දැම්මා. ආයිත් අහලා ගමේ ඉන්න සෙක්සිම කෙල්ල මාලි ගැන තමා එකේන් කියවෙන්නේ .. පස්සේ දෙන්නා එක්ක ඉතිං ගමේ කට්ටියට සිංදුව කියලා පෙන්නුවා. දාවිත් සකපෝරුවෙන් බීට් එක දෙනකොට තෙන්න.ඒ.කෝන් කොලුවා සිංදුව කිව්වා.. සිංදුව අහපු හැමෝම සිංදුවට කැමති උනා ..පස්සේ ඉතිං ගමේ කොල්ලෝ කෙල්ලෝ සිංදුවට නටන්න පටන්ගත්තා... සිංදුව මුළු ගමේම හිට් උනා..

ඒත් ඉතිං දෙන්නා ඕක හැදුවේ මාලි කෙල්ලටනේ... ඉතිං දෙන්නටම ඕනේ උනා ඕක මාලි කෙල්ලට ලයිව් ප්ලේ කරලා පෙන්නන්න... කොහෙද මාලි කෙල්ලගෙන් චාන්ස් එකක් ඉල්ලුවට හම්බෙන්නේම නෑ නේ... ඔය අතරේ ඉතිං ගමේ කොල්ලෝ ටික සිංදුවේ පද පෙරලියක් කරලා සිංදුව කියන්න ගත්තා... මොනා උනත් ඉතිං ගමේ කොල්ලෝ කෙල්ලන්ගේ සුපර් ස්ටාර්ලා උනේ තෙන්න.ඒ.කෝනුයි දාවිත් ගැට්ටයි තමා  ... කොහොම හරි දෙන්නගේ ප්‍රසිද්ධියට ගමේ චන්ඩියා වගේ ඉන්න ගැමුණු කොල්ලා ඊරිසියාවෙන් තමා හිටියේ ... මිනිහා ඉතිං මාන බල උන්නේ තෙන්න.ඒ.කෝන් කොලුවටයි දාවිත් කොලුවටයි ගමේ ඉන්න බැරි වෙන විදිහේ ගේමක් දෙන්න...

ඔය අතරේ මාලි කෙල්ල තෙන්න.ඒ.කෝන්ගේ අම්මට කැවුම් හදන්න උදව් වෙන්න තෙන්න.ඒ.කෝන්ගේ ගෙදර ගියපු වෙලේ තෙන්න.ඒ.කෝන්ට හොරෙන් මිනිහා රැවුල කපන කණ්ණාඩියේ, "පන්සල පල්ලේහා තියන දොල ගාවට එන්න. මම සිංදුව අහන්න ආසයි" කියලා මාලි කෙල්ල කැවුම් හදන්න ගෙනාපු පැණි වලින් ලිව්වලු... ඕක දැකපු තෙන්න.ඒ.කෝන් කොලුවට සතුට කියලා නිම කරගන්න්න බැරුව එවෙලම දුවලා ගිහින් දාවිත් කොල්ලටත් කියලා වැඩේට ලෑස්ති උනාලු.

ඔය දවස් වලම ඉතිං ගැමුණු කොල්ලත් මාලි කෙල්ලට වශි වෙලා තමා උන්නේ.ගැමුණු කොල්ලා චණ්ඩි පාට් එකෙන් මාලි කෙල්ලව අල්ලගන්න ට්‍රයි කරලා හෙම්බත් වෙලා තමයි උන්නේ.. ඒ උනාට ඉතිං මාලි කෙල්ල යන යන තැන හොරාට රිංග රිංග මාලි කෙල්ල එක්ක කතා කරන්න චාන්ස් හොය හොයා තමා හිටියේ..

ඔන්න ඉතිං දොල ලග සකපෝරු සාජ්ජේ තියන දවස උදා උනා.. මාලි කෙල්ලත් දොල ලගට යන්න පිටත් උනා. ඔය අතරේ ගැමුණු කොලුවට සී.අයි.ඒ(සියලු අයිආර්සී කාරයන්ගේ කකය) එකෙන් මැසේජ් එකක් ආවා මාලි කෙල්ල පන්සල පහල දොල පැත්තට ගියා කියලා.. මිනිහත් ඉතිං දොල පැත්තට යන්න පිටත් උනා..

ඔය අතරේ ඉතිං මාලි කෙල්ල දොල ලගට ආවා. කෙල්ල ඉතිං දිය රෙද්දත් ඇදගෙන නානවා වගේ ඇක්ටින් එක දිදි දොලට බැහැලා හිටියා.කොලුවො දෙන්නත් දොල අයිනේ වැටකෙයියා ගාල අස්සේ හැන්ගිලා හිටියා.වෙලාව ආවම දෙන්නම එලියට ආවා.... ඔන්න ඉතිං දාවිත් කොලුවා සකපෝරුව කීස්..බ්‍රිස්..චක බක.. කියලා වට දෙකක් කරකවලා.... බීට් එක අල්ලන්න ගත්තා. තෙන්න.ඒ.කෝන් කොලුවා සිංදුව කියනවා දාවිත් කොල්ලා බීට් එක දෙන්නවා... ඔය බීට් එකට ඉතිං ගමේ කාටත් නැට උනානේ... ඉතිං මාලි කෙල්ලට නැටවෙන එක අහන්න දෙයක්ද... මාලි කෙල්ලත් ඔන්න දොලේ තියන ගල් පොත්තට නැගලා ඩාන්ස් කරන්න ගත්තා...ඔය අතරේ ගැමුණු කොල්ලත් දොලට කිට්ටු උනා කෙල්ල නටනවා දැක්ක ගැමුණු කොල්ලා මිනිහාගේ කැමරා ෆෝන් එකෙන් ෆෝටෝ දෙක තුනක් ගත්තා. ඒ උනාට තෙන්න.ඒ.කෝන් කොලුවයි දාවිත් කොල්ලයි දැකලා මිනිහට යකා ආවේස වෙලා හිටියේ... මිනිහා මොකද කලේ... පන්සලේ හිටි බුදු පිලිමේ ෆෝටෝ එකේ බැක්ග්‍රවුන්ඩ් එකට අහුවෙන විදිහට ෆෝටෝ ගත්තා...

ඔන්න පහුවෙනිදා උදේ පාන්දරම මුලු ගමේම එකම කාල ගෝට්ටියයි. "බුදුපිලිම ඉස්සරහ කෙල්ලන්ට සිංදු කියන උන් ගමෙන් එලවව්"  කියලා අර ගැමුණු ගත්ත ෆෝටෝ දාලා පෝස්ටර් ගම පුරාම අලවලා. ගැමුණු කොල්ලා මූලික වෙලා ඉතිං අර අහිංසක කොල්ලෝ දෙන්නාව ගමෙන් එලවා ගත්තා. ගමේ මෝඩ මිනිස්සුත් කිසිදෙයක් හොයන්නේ බලන්නේ නැතුව ගැමුණුගේ පැත්ත අරගෙන කොල්ලෝ දෙන්නාව ගමෙන් පන්නන්න උදව් කලා  . පස්සේ ඉතිං මාලි කෙල්ලත් හැමෝටම හොරෙන් ගමෙන් පැනලා ගියා. ගැමුණු කොල්ලා ගමේ වීරයා උනා . මේ කරපු වීර ක්‍රියාවට ගැමුණුට රජ වාසලේ පුරෝහිතකමකුත් පිරි නැමුණා .

පැනලා ගියපු තෙන්න.ඒ.කෝන් පස්සේ කාලෙක ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් උනා . දාවිත් ගැට්ටා ලෝක ප්‍රසිද්ධ සකපෝරු රාගතාල අල්ලනෙක් උනා..

දන්නවද මාලි කෙල්ලට මොකද උනේ කියලා. මාලි කෙල්ලට ගංජා වවන දුපතක් ඉන්න බොබ් කොල්ලව හම්බ උනා.. ඒ දෙන්නා කසාද බැදලා සතුටින් හිටියා. ඒ දෙන්නට හම්බුන කොලුපැටියට දෙන්නගෙම නම් එකතු කරලා "බොබ්මාලි" කියලා දැම්මා.

අන්තිමට ඉතිං තෙන්න.ඒ.කෝන් කොලුවත්, දාවිත් ගැට්ටා කොලුවත් , මාලි කෙල්ලත් , ගැමුණු කොල්ලත් සතුටින් ජීවත් උනා ...... ඉවරා..යි

Wednesday, August 10, 2011

සබ්මැරීන් කනකොට දැනෙන ශ්‍රි ලාංකීය අභිමානය




කවුරුත් සබ්මැරින් ගැන දන්නවා ඇතිනේ.. අර දිය යටින් ගින්දර අරගෙන යන්නේ..පහුගිය දවස්වල අර පහළට ඉරි තියන කොටි එහෙමත් කෑම අරගෙන එන්න හදාගෙන තිබ්බේ... කට්ටිය අව්වේ කට්ට කාගෙන ගිහින් බලන්න ඇතිනේ... හැබැයි ඕවා ඔරිජිනල් නම් නෙමේ..ලොකල් බඩු... හරියට චීන සෙල්ලම් බඩු වගේ..සෙල්ලම් බඩු හොදේ =))...මොකද ඔය සබ්මැරින් එක බාගෙට තමා ගිලෙන්නේ.. වැඩිපුර පාවිච්චි කරන්නේ දියයටින් මල් ගෙනියන්න තමා.. හි හි හි... :P මල් කිව්වට මල් නෙමෙයි... කොකේන් වගේ සුපර් බඩු ගෙනියන්න කොලොම්බ්යන් කොල්ලෝ තමා පාවිච්චි කරන්නේ... ඉතිං ඔය සබ්මැරින් වලට කියන්නේ " නාර්කෝ සබ්මැරින් " කියලා... "ඩයින්මෝර්" එකට ඇටෑක් එකක් දෙන්න කඩයක් දානවා නම් මරු නම නේ.... :D
 කොහොමෙන් කොහොම හරි ලංකාවෙත් හෝම් මේඩ් නාර්කෝ හැදුන නිසා ඒකේ ක්‍රෙඩිට් එකත් ලංකාවට..

දැන් ඉතිං ඕවා අපේ කට්ටියට මතක නෑ නේ..

මේ දවස් වල සබ්මැරින් ගැන කිව්වොත් අපේ අයට මතක් වෙන්නේ ලෝකෙ ලොකුම සබ්මරින් ගැන ඇම්මාගේ සබ්මැරින් ගැන..හැබැයි ලෝකේ ලොකුම සබ්මැරින් තියෙන්නේ ඇම්මට නම් නෙමෙයි.. ආඩම්බරමක රුසියාවටත් වඩා ලොකු රුසියාවෙ තමා :) .. ඕවා මොනාද කිසි දෙයක් නැතුව අපිත් ආසියාවේ ආඩම්බර වෙලා තියෙන්නේ =)) ...කොහොමහරි හෝම් මේඩ් එකට නෝ ප්ලේස්... හි හි... ආසියාවේ ලොකු ලොකු දේවල් මේ දවස්වල අපේ රටට ගේන නිසත් හදන නිසත් සමහරුන්ට හිතෙන්න පුලුවන් ආසියාවේ ලොකුම සබ්මැරින් එක ලංකාවේ හදන්න යනවා කියලා.. ආසියාවේ ලොකු ලොකු ඒවා හදන උදවියට ඕක ගැන කල්පනා උනොත් ඒකත් කරයි.. මොකද ආසියාවේ ගැඹුරම සුමින් පූල් එකේ පතුල බලන්න යන්න බැරි උන අයට පතුල පෙන්නන එක්කන් යන්න පුලුවන් නේ...හැබෑට ඔය පතුල බලන්න ගිය කට්ටිය අර කියන ගල දැක්කේ නැද්ද...? =)) පාෂාණ හොදේ... :D
ඔන්න එහෙනම් ආසියාවේ ලොකුම සබ්මැරින් එක යන්න පුලුවන් එකම පූල් එක තියෙන්නෙත් ලංකාවෙ..
ඒකේ ක්‍රෙඩිට් එකත් ලංකාවට..



හැබැයි කොළඹ කොල්ලන්ට කෙල්ලන්ට සබ්මැරින් කිව්වට ඕවා මතක් වෙන්නේ නෑ...මටත් එහෙමම තමා..මොකද මාත් කොළඹ කොල්ලේක් නේ....
අපිට මොනාද මතක් වෙන්නේ........" ඩ - යි - න් - මෝ - ර් "
කලින් සබ්මැරින් දෙක ගැන තරම් කියන්න දෙයක් නම් නෑ... නමුත් කලින් දෙකට වඩා පැහැදිලිව ආඩම්බර වෙන්න පුලුවන් කාරණයක් තමා මම ඩයින්මෝර් ගැන කියන්න යන්නේ...
ඔයගොල්ලෝ දන්නවනේ මැක්ඩොනල්ඩ්ස් , කෙන්ටාකි ෆර්යිඩ් චිකන් (kfc) වගේ වේගවත් කෑම කඩ ෆ්‍රෑන්චයිස් ගැන.. ඒ කියන්නේ ලෝකේ පුරාම චේන් එකක් වගේ පැතිරුන ජාත‍යන්තර කෑම කඩ... කොහොමෙන් කොහොම හරි " ඩ - යි - න් - මෝ - ර් " කියන්නෙත් අන්න ඒවගේ එකක්.. හැබයි මේකේ විශේෂත්වෙ තමයි... " ඩ - යි - න් - මෝ - ර් " මේඩ් ඉන් ශ්‍රි ලංකා වෙන එක.. ඉතිං හැමෝටම වගේ මේ අයටත් සීක්‍රට් රෙසිපි එකක් තියනවා.. ඒ එකට දාන මැයොනීස් එකේ රෙසිපි එක කියලා තමා ආරංචි.. ඒක ස්වභාවික රෙසිපි එකක් කියලා තමා ආරංචි.. ඇත්තද කියලා නම් දන්නේ නෑ....

ඔන්න ඉතිං අන්තිමට ලංකාවේ කොල්ලන්ට කෙල්ලන්ට ජෙනුයින් විදිහට ආඩම්බර වෙන්න පුලුවන් සබ්මරින් එකකුත් හම්බ උනා... ;)
ඒකේ ක්‍රෙඩිට් එක නම් පැහැදිලිවම ලංකාවට තමා..

ඉදිරි කාලෙදි සුද්දා කියයිද දන්නේ නෑ  " සබ්මැරින් එකක යන්න බැරි උනා නම් ලංකාවට ගිහින් සබ්මැරින් එකක් කාලා වරෙන් කියලා...."  =))

ඔන්න මම සංචාරක කර්මාන්තෙත් උස්සලා තිබ්බා හොදේ..

ඔන්න ඉතිං මනියා කාලෙකට පස්සෙ බ්ලොග් අවකාශෙට එන්ටර්ද ඩ්‍රැගන් වෙන්න යන්නේ...හොද හොද සෙල්ලම් මැච් එකේ අන්තිමටනේ.... =D>
ම්ම්ම්... බඩගිනියි... මම යනවා සබ්මැරින් එකක් ගිලින්න්න..... කෙල ගිලින්නේ එහෙම නෑ හොදේ.... :P  /bye

Friday, April 29, 2011

ගුප්ත විද්‍යාවක් කළ දෛවයේ සරදමක්




සුපිරි සිනා සපිරි කෙලිලොල්
පාසැල් සමයේ දිනු ආදරය...
සැඩ පහර සමගින් ගල්
අතුපතර බිදෙමින් වැටෙමින්
ගොඩ නැගු පිවිතුරු ප්‍රේමය..

පටන් ගත් දා පටන්
ප්‍රශ්ණ පත්‍රයක් වූ අපේ ආදරය..
පිලිතුරු ලීවේ ඔබත් නොව
මාත් නොව ?

ඉර සඳ තාරුකා වලට ජීවිතය
ලියන්නට ඉඩ දුන්න දෛවය
මාද අහිංසකය..
ඔබ ඊටත් අහිංසකය...
සියල්ල සපිරුණු ලොවක
අපට තිබුණ මුත්..
පූජාසනය මත පුදන්නට වෙර දැරී ආදරය...
වැදුණු පා පහරට සුණු විසුණු විය
තනමින් තිබු කුරුලු කුඩුව...

ඔබගේ අහිංසක වතින් ගලා යනවා
දිටිමු පුං‍චි කඳුලු බිදු...

සමාවෙයන් මට පුංචි සඳ සාවියේ..
එකලු කරන්නට බැරි උනාට
අපේ පුංචි ලෝකය..

භවයේ සැරිසරා..
හමුවන විට මතු භවයේ
පතන්නම්
ගුප්ත සාස්තර නැති ලොවක
භාග්‍ය‍වන්ත සුභ හෝරාවක
කුජ නැති ලොවක..
මගේ මලි.. හමුවන්න...

Sunday, April 3, 2011

සිහිනයක් ඉතිරිව ඇත

ඇත්තමයි.......
උඔලට වගේම අපිටත් ඒ වෙලාවෙ,
මුළු ලොකෙම නැතිවුනා වගේ දැනුන,
මිලියන විස්සක හැලුන කදුළු,
උඔලගෙ ඇස් වලින් පනිනව හංගගන්න බැරිවුනා....
උඔල වගේම අපිත් තාම,
ඒ දුක හිරකරගෙන,
අන්තිම මොහෙතෙදි නිදහස් කල සුසුමෙන් වත්,
ඒ දුක නිවුනෙ නෑ.....
විශ්වාසයි,
ඊලග පාර මොන ලෝකෙ තිබ්බත්,
මොන විදියෙන් හරි උඔල ඒක අපිට ගේනව,
එදාට අපි,
හැලුන කදුළු වලට හරියන්න,
ලෝකෙටම ඇහෙන්න හිනාවෙමු......
_උපුටාගැනිමක්_

Monday, January 17, 2011

Anthony Zimmer (2005) | පට්ටම් පට්ට ප්‍රංශ බයිස්කෝප් එකක්

2010 වසරේ දෙසැම්බර් මස නිකුත් වීමට නියමිත The Tourist (2010)චිත්‍රපටිය ගැන දන්නවාද ? නොදන්නවා වෙන්න බෑ.. මොකද මෙහි රංගනයෙන් දායක වෙන්නේ ජොනි ඩෙප් හා සුරූපි නිලි ඇන්ජලීනා ජොලීය. ඇත්තටම මේ චිත්‍රපටිය, ප්‍රංශ සිනමා නිර්මාණයක නැවත නිර්මාණයක්

ඉතින් අද මම ඔයාගොල්ලන්ට ලබාදෙන්නේ අන්න ඒ ප්‍රංශ සිනමා සිත්තමයි.



ප්‍රංශ සිනමා නිර්මාණයක් කිව්වට මේක හොලිවුඩ් තත්වයේම තියන සුපිරි නිර්මාණයක්. imdb රේටින්ස් 6.3/10 ලබාගෙන තියන මේ නිර්මාණය Jérôme Salle නම් අධ්‍යක්ෂවරයාගේ නිමැවුමකි.



පැරිසිය ලොව බොහෝ ධනවතුන් ගැවසෙන නගරයක්. එහි රහස් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙයි. ජාත්‍යන්තර පොලිසිය හා රුසියානු මාෆියා කණ්ඩායමක් එකම පුද්ගලයකු වටා ලහුබදියි. "ඇන්තෝනි සිමර්", නමින් ඔහු ඇන්තොනි සිමර්. නමුත් මේ වන විට ඔහුව රූපයෙන් ඔහුගේ බිරිදවත් නොහදුනයි.

මහා පරිමාණ මුල්‍යමය වංචාවකට වග කියන මොහු ප්ලාස්ටික් සැත්කමක් සිදුකරගෙන කට හඩ පවා වෙනස් කරගෙන සියල්ලන්ගෙන්ම වසන්වී සිටියි. ඇන්තොනිගේ එකම දුර්වලතාවය වන්නේ ඔහුගේ බිරිදයි. ජත්‍යන්තර පොලිසිය ඇන්තෝනි අල්ලාගැනිමේ ප්‍රධාන තුරුමපුව කරගන්නේ චියාරා මන්සෝනි නම් වූ ඇන්තෝනිගේ සුරූපි බිරිදයි.



මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් පවති. චියාරා අවන්හලක වාඩිවී සිටියි. ඇයට ලියුමක් ලැබෙයි.එහි සදහන් වන්නේ ඔවුන් ඔබව ලුහුබදියි ඒ නිසා අහබු ලෙස පුද්ගලයකු තෝරාගන්නා ලෙසයි. පසුව දුම්රියකට ගොඩවැදෙන ඇය පුද්ගලයකු තෝරාගනි. පෙනුමෙන් මෙන්ම ගතිගුණ වලින්ද අහිංසකයකු වන ප්‍රැනක්සිස් වෘත්තියෙන් පරිවර්තකයෙකි. අවාසනාව ඔහු වෙත ගලා එන්නේ චියාරා හමුවිමෙන් පසුවය. ඇය ඔහු සමග බෙහෙවින් සමිප වන අතර ඇය ඔහු තම සැමියා බවට ඔවුන් ලැගුම් ගන්නා හෝටලයට පවසයි. රුසියානු කල්ලිය ප්‍රැන්ක්සිස්ව ඇන්තෝනි යැය සිතයි. එමෙන්ම චියාරාද ප්‍රසිද්ධියේ ඔහු සමග තම සැමියා ලෙස හැගවෙන පරිදි හැසිරෙයි. කෙසේ වෙතත් ඇන්තෝනිව කරලියට ගෙන ආ හැක්කේ රුසියානු කල්ලියට පමණි. රුසියානු කල්ලිය නැති කල ඇන්තෝනිව සෙවීම විහිලුවක් වැනිය. චියාරා නිසා අමාරුවේ වැටුනත් ප්‍රැන්ක්සිස් ඇය කෙරෙහි ආදරයෙන් බැදේ. නමුත් චියාරා සමඟ ඔහු ගැවසිම ඔහුගේ ජිවිතයට තර්ජනයක් බව දැනගන්න ඇය ඔහුව සුරක්ෂිත තැනක රදවයි. පසුව ජාතයන්තර පොලිස් රැකවරණය ඔහුට ලැබෙයි.



මේ අතර ඇන්තෝනි අල්ලාගැනිමේ අවසන් තුරුම්පුව එලබෙයි. චියාරා රුසියානු කල්ලියට සිතාමතා කොටුවන්නේ ඇන්තෝනි ඇය වෙනුවෙන් පෙනි සිටිවි යැයි සිතාය. සිතූ ලෙස එය සිදු නොවේ. ඔහු නොපැමිනෙයි. ඇය මරා දැමීමට රුසියානුවෝ තීරණය කරයි. තමාගේ ප්‍රේමය වෙනුවෙන් ප්‍රැන්ක්සිස් ඇය බේරාගැනිමට යයි. සිදුවන්නේ අහිංසකයාට වෙඩි කන්නට සිදුවීමයි. ඔවුන් ප්‍රැන්ක්සිස්ට වෙඩි තැබීමට යයි. ජාත්‍යන්තර පොලිසියේ සැගවුනු වෙඩික්කරුවන්ගේ ක්ෂණික ප්‍රහාරයක් හමුවේ සියල්ල කනපිට පෙරලෙයි.



ප්‍රැන්ක්සිස් ජීවිතය බේරාගනිවිද ? ඔහු තම ප්‍රේමය ජයගනීවිද ?

චියාරාට ඇන්තෝනි සොයා ගැනිමට හැකිවෙයිද ?

රුසියානුවෝ තම පලිය ගනීවිද ? ඇන්තෝනි ජත්‍යන්තර පොලිසියට කොටුවෙයිද ?



ලොකුම ප්‍රශ්නය... "ඇන්තෝනි සිම්්" කවුද ?



කුතුහලය , ත්‍රාසය මනාව කැටි කර ඇති අපූර්ව නිර්මාණයකි. නොසිතෙන අවසානයක් ඇති මේ නිර්මාණය මගහරිනවාද නැද්ද යන්න ඔබම තීරණය කරන්න...

http://thepiratebay.org/torrent/3433083/Anthony.Zimmer.2005.DVDRip.XviD-ESPiSE

Related Posts Plugin for WordPress, Blogger...