පැලැස්තරය

ලෝකයේ දැන ගැනීමට ඇති බොහෝ දේය. ඒ හැමදෙයක්ම සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැක.හැමදෙයක්ම යන්තම් හෝ දැනගැනීම, අත්විදීම හරහා යන්න හදන උත්සහයක්.

Friday, April 29, 2011

ගුප්ත විද්‍යාවක් කළ දෛවයේ සරදමක්




සුපිරි සිනා සපිරි කෙලිලොල්
පාසැල් සමයේ දිනු ආදරය...
සැඩ පහර සමගින් ගල්
අතුපතර බිදෙමින් වැටෙමින්
ගොඩ නැගු පිවිතුරු ප්‍රේමය..

පටන් ගත් දා පටන්
ප්‍රශ්ණ පත්‍රයක් වූ අපේ ආදරය..
පිලිතුරු ලීවේ ඔබත් නොව
මාත් නොව ?

ඉර සඳ තාරුකා වලට ජීවිතය
ලියන්නට ඉඩ දුන්න දෛවය
මාද අහිංසකය..
ඔබ ඊටත් අහිංසකය...
සියල්ල සපිරුණු ලොවක
අපට තිබුණ මුත්..
පූජාසනය මත පුදන්නට වෙර දැරී ආදරය...
වැදුණු පා පහරට සුණු විසුණු විය
තනමින් තිබු කුරුලු කුඩුව...

ඔබගේ අහිංසක වතින් ගලා යනවා
දිටිමු පුං‍චි කඳුලු බිදු...

සමාවෙයන් මට පුංචි සඳ සාවියේ..
එකලු කරන්නට බැරි උනාට
අපේ පුංචි ලෝකය..

භවයේ සැරිසරා..
හමුවන විට මතු භවයේ
පතන්නම්
ගුප්ත සාස්තර නැති ලොවක
භාග්‍ය‍වන්ත සුභ හෝරාවක
කුජ නැති ලොවක..
මගේ මලි.. හමුවන්න...

Sunday, April 3, 2011

සිහිනයක් ඉතිරිව ඇත

ඇත්තමයි.......
උඔලට වගේම අපිටත් ඒ වෙලාවෙ,
මුළු ලොකෙම නැතිවුනා වගේ දැනුන,
මිලියන විස්සක හැලුන කදුළු,
උඔලගෙ ඇස් වලින් පනිනව හංගගන්න බැරිවුනා....
උඔල වගේම අපිත් තාම,
ඒ දුක හිරකරගෙන,
අන්තිම මොහෙතෙදි නිදහස් කල සුසුමෙන් වත්,
ඒ දුක නිවුනෙ නෑ.....
විශ්වාසයි,
ඊලග පාර මොන ලෝකෙ තිබ්බත්,
මොන විදියෙන් හරි උඔල ඒක අපිට ගේනව,
එදාට අපි,
හැලුන කදුළු වලට හරියන්න,
ලෝකෙටම ඇහෙන්න හිනාවෙමු......
_උපුටාගැනිමක්_
Related Posts Plugin for WordPress, Blogger...