පැලැස්තරය

ලෝකයේ දැන ගැනීමට ඇති බොහෝ දේය. ඒ හැමදෙයක්ම සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැක.හැමදෙයක්ම යන්තම් හෝ දැනගැනීම, අත්විදීම හරහා යන්න හදන උත්සහයක්.

Thursday, August 21, 2014

පුංචි ජොනී වෙන දවසක එන්න කිව් වැස්ස


සීතල සුමුදු මදනල 
දිවියට මිහිරි සුවදෙන 
තාලය නගන ඒ හඩ 
වැහි බිදු නොවෙද සුමිතුර  

පුංචි ජොනී වෙන දවසක එන්න කිව් වැස්ස මෙය 
එන හැමදාම මම පෙම් කරන වැස්සද මෙය 
හිරිකඩ ගෙනෙන ඒ සොදුරු සුව මිහිර  
මා පිනවයි ලිය කෙලි ලෙසින් සිත ලග 

 හැර දා නොයන මා පෙම් කල පෙම්බරිය
සුභ ලකුණක්ය හමුවන කල හිමිදිරිය 
කවුරුත් බනින අකැමති මේ සුරතලිට  
පෙම් බැදි පුංචි කොලුවෙකි මම දගකාර
Related Posts Plugin for WordPress, Blogger...