පැලැස්තරය

ලෝකයේ දැන ගැනීමට ඇති බොහෝ දේය. ඒ හැමදෙයක්ම සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැක.හැමදෙයක්ම යන්තම් හෝ දැනගැනීම, අත්විදීම හරහා යන්න හදන උත්සහයක්.

Thursday, November 7, 2013

ලෝකයේ වැඩිපුරම කතාබහට ලක්වූ දෙයක්


ජීවිතය වූ කලී ආදරය පෙරදැරිව ගොඩ නැගුනා වූ ගගකට වතුර මෙන් වූ බැදීමක් ඇති දෙයකි.වතුර නැති කල ගග, ගගක් නොවන අතරම වතුර නැති කළ ගගක් ලස්සනද නැතිය.එලෙසම ආදරය නැති කළ ජීවතයක් නැති සේම, ආදරයක් නැති කළ ජීවිතය ලස්සන වන්නේද නැත. හුදෙක් ආදරය යනු මිනිසකු තව කෙනකු වෙත දක්වන ලැදියාව ලෙන්ගතුකමය. නමුදු මෙය එක් එක් ආකාරයට අර්ථගැන්වීමට පිළිවන.දෙමව්පියන් හා දරුවන් අතර ආදරය, සහෝදරයන් සහෝදරියන් අතර ආදරය, පෙම්වතා පෙම්වතිය අතර ආදරය,බිරිද සැමියා අතර ආදරය හා මිතුරන් මිතුරියන් අතර ආදරය වගේ විවිධ කාණ්ඩ වලට බෙදා වෙන් කළ හැකිය. මේ හැමදෙයක්ම අතරින් ලෝකයේ වැඩිම කතා බහට ලක්වෙන ආදරය ඉතිං තරුණ කාලේ ඇතිවෙන ආදරය කියලා කොයි කවුරුත් දන්නවානේ. එනම් කොල්ලෙක් කෙල්ලෙක් අතර ඇතිවන ආදරය පවුලට පරිභාහිරව ලබන මේ ආදරයේ පළමු කඩයිම හරිම සුන්දරව ඇරඹෙන්නක්. බොහෝවිට පාසල් වි‍‍යේදී තමා එහෙම වෙන්නේ. ඒත් ඉතිං පාසල් ප්‍රේමය, ඊටත් වඩා පළමු පෙම විවාහයකින් කෙළවර වෙන්නේ බොහෝම කලාතුරකින්. මොකද ජීවිතයේ සිදුවන හැල හැප්පීම් එක්ක අපි අපේ ලෝක වල තනි වෙනවා අපේ ඉලක්ක වෙත ගමන් කරනවා. එකිනෙකාගේ ඉලක්ක වෙනස්, කොහොම හරි ඉතිං ආදරය කියන්නේ හරියටම මෙහෙමයි කියලා අර්ථකතනයක් දෙන්න බැරි දෙයක්. මහා විද්වතාගේ ඉදලා පන්තියේ ඩෙස්ක් වල කුරුටු ගී ලියන කොල්ලෝ කෙල්ලෝ හා ත්‍රිවීල් රථ වල පසුපස ලියලා තියන වැකි දක්වා ආදරය ගැන දීලා තියන හැම අර්ථකතනයක්ම ඉතා නිවැරදිය. සරලව කිව්වොත් ආදරය තුල සතුට දුක යන දෙකම තියනවා. බොහෝ වෙලාවට ආදරය නිසා ඇතිවූ දුක් නිසා බොහෝ මිනිසුන්ගේ ජීවිත කනපිට පෙරලුන අවස්ථා ඕනෑ තරම්ය. ඒ වගේම තමා පැතූ ආදරය ලැබීම නිසාද වෙනස් වූ ජීවිතද ඕනෑ තරම් ඇත.

ආදරය වු කලී ලිංගිකත්වයට සදාචාරාත්ම ලෝකය ලබා දුන්න වෙස් මූණක් වගේ කියලත් කෙනෙක්ට කියන්න පුලුවන්.ඒක ආදරය ගැන කළකිරුණ කෙනෙක් කියපු දෙයක් වෙන්න පුලුවන්. නමුත් මෙහෙම කිව්වොත් ලිංගිත්වය විදින්න තියන සුන්දරම විදිහ ඒකයි කියල (ආදරය හරහා කියලා). ආදරේ හරි සුන්දරයි කියන කෙනෙක් ඇත්තටම ඒක ලබපු කෙනෙක් වෙන්නත් පුලුවන්, එහෙම නැත්නම් ආදරය ලබලා නැති නිසා ඒක ඒ තරම්ම මහගු දෙයක් කියලා හිතන කෙනෙක් වෙන්න පුලුවන්. ඉතිං ඔය මොන දේත් එක එක්කෙනා ආදරය කියන එක අත්විදලා තියන විදිහ අනුව, ආදරේ නිසා අත්විදලා තියන දේවල් අනුව කියපු දේවල්. මහා උගතාගේ සිට පොල් කඩන මනුස්සයා දක්වා ආදරය ආදරයමයි. ඒ ආදරය තුල දයාව, කරුණාව, ලිංගිකතවය යන එකී මෙකී නොකී සෑම දෙයක්ම අඩංගු වෙනවා.

ආදරය වීදුරු පෙට්ටියක දාලා ආදරේ දිහා ටිකක් වෙනස් විදිහට බලන්න හදපු උත්සහයක් මේක. කෙනෙක්ට මේ දැකලා තියන විදිහ වෙනස් විදිහට දැකීමක් නොවෙන්නත් පුලුවන්.

දැන් පවතින්නේ ඇදැහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය; මෙයින් උතුම් එක නම් ප්‍රේමයයි.
                                                                                               - බයිබලය, 1 කොරින්ති 13:13 -
Related Posts Plugin for WordPress, Blogger...