පැලැස්තරය

ලෝකයේ දැන ගැනීමට ඇති බොහෝ දේය. ඒ හැමදෙයක්ම සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැක.හැමදෙයක්ම යන්තම් හෝ දැනගැනීම, අත්විදීම හරහා යන්න හදන උත්සහයක්.

Thursday, May 1, 2014

ලොව ජනප්‍රියම පානයන්ගෙන් තුන්වන තැන හිමි පානය ගැන තතු සොයා යාමක්



වතුර හා තේ හැරුනු විට ලොව ජනප්‍රියම පානයන් අතුරින් තුන්වන තැන උසුලන "බීර" නොහොත්, අපේ භාෂාවෙන් "බියර්" ගැන කතා කරන්න හිතුවේ ඇත්තටම සෙට් උන වෙලාවට විස්කි බ්‍රැන්ඩි බොන අයියලා බියර් බොන අය කන්ඩෙම් කිරීමත්.. බොන හැම දෙයක්ම උගුරෙන් දෙකෙන් වදින්න ඕනේ කියන ගොඩේ මානසිකත්වය ඇති එවුන්ට යමක් කමක් කියා දීමටත්ය... සහ විශේෂයෙන්ම අපි මත්පැන් බොන්නේ නෑ.. වයින් විතරයි බොන්නේ කියා එක්තරා කැටගරියක ස්පෙශල් පොරවල් වෙන්න හදන අයටත් එක්ක.. මොකද උන් කියන්නේ අනික් උන් බේබද්දන්ය.. වයින් බොන උන බේබද්දන් නොවන බවත්ය..

මේකත් කියන්න එපැයි.. බියර් යනු "චිල් අවුට්" වීමට ගන්නා පානයකි. ඔය වචනෙට සිංහල වචනයක් මං දන්නේ නෑ. අනික ඔය වචනේ ගැබ් වෙන අර්ථය සිංහල වචනයකින් පිට කරන්නත් බෑ. හැබැයි මං හිතනවා ඕන කෙනෙක්ට තේරෙනවා ඇති කියලා. බියර් සමග කා බී විනෝද වීමයි බියර් සම්ප්‍රදාය. 




අර 30% - 40% ඇල්කොහොල් මට්ටමක් අඩංගු මධ්‍යසාරයක් තව සාන්ද්‍රණය අඩු කරන මොනා හරිත් දාලා බීලා, කට ගැස්මකුත් බීපු ගමන් හපලා.. ෂොට් දෙකෙන් වැදුනා.. වදින්නමයි බොන්න ඕනේ... කියන අයත් පොඩ්ඩක් බලන්නකෝ.

මේ කවුරුත් දන්න බියර් ගැන නොදන්න තතු ටිකක්..


1. බියර් ඔබේ වකුගඩු නිරෝගීව තබා ගැනීමට උපකාරි වෙයි.
ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර පෝෂණවේදී දෙපාර්තුමේන්තුව, මහජන සෞඛ්‍ය ආයතනය හා ඇමෙරිකාවේ මේරිලැන්ඩ් බෙතෙස්ඩා හී සායනික විද්‍යා අංශය, ජාතික පිළිකා ආයතනය එක්ව 1998 වසරේදි එලිදැක්වූ පරීක්ෂණ වාර්තා වලින් පැහැදිලි කෙරෙන අන්දමට බියර් පානය නිසා වකුගඩු හී ගල් ඇතිවීම 40%කින් අඩු කෙරෙන බවයි.

2. බියර් කෙදි සහිත ස්භාවික පානයක් වෙයි. රුධිර නාල වල අවහිරතා ඇති කරන කොලෙස්ටර්රොල් මට්ටම අඩු කිරීමට මෙම කෙදි උපකාරී වේ. විශේෂයෙන්ම අදුරු පැහැ බියර් වර්ග වල අවුන්ස 12කට කෙදි ග්‍රෑම්1 ක් අඩංගු වේ. ඔබ මිලදී ගෙන පානය කරන වයින් වල කෙදි අඩංගු වන්නේ නැත.

3. ලෝක බලවතාගේ නිල නිවසේදීත්(ධවල මන්දිරය) ඔවුන් බීමට ගන්නා බියර් ඔවුන් විසින්ම පෙරා ගනී.


 4. එමෙන්ම POTUS නම් වූ කේත නාමයෙන් හදුන්වන එහි වසන පුද්ගලායද බියර් පයින්ට් වීදුරුවක් රස විදින්න අමතක කරන්නේ නැතිලු.. දැන් ඉතිං POTUS කියන්නේ මොකාද කියලා අහන්න එපා... හරි හරි ඕකත් කියලම දාන්නම්කෝ.. President Of The United State.!!


 5. ඔබේ සිරුරේ විටමින් බී මට්ටම ඉහළ නංවයි


නෙදර්ලන්තයේ පෝෂණවේදී ජීවවිද්‍යාත්මක දෙපාර්තුමේන්තුව සහ ටී.එන්.ඹ් ආහාර හා එහි පෝෂදායි බව පිළිබද පර්යේෂණ ආයතනය සමග එක්ව දකුණු අප්‍රිකාවේ ප්‍රෙටෝර්ලා විශ්ව විද්‍යාලයේ රසායනික ආශ්‍රිත රෝග වලට හේතු කාරක හා පසු බලපෑම් සෙවිමේ පීඨය සහ ෆින්ලන්තයේ ටැම්පියර් වෛද්‍ය විශ්වවිද්‍යාලය එක්ව කරන ලද පරීක්ෂණයකදී සොයා ගැනුනේ බියර් තියා කිසිම දෙයක් නොබොන අයට වඩා බියර් බොන අයගේ විටමින් බී6 මට්ටම 30% ඉහළ බවය. එමෙන්ම එය වයින් භාවිතා කරන්නන්ගේ ප්‍රමාණයට වඩා දෙගුණයක් බවත්ය. 

එමෙන්ම බියර් බොන්නන්ට ප්‍රසාද දීමනාවක් ලෙස විටමින් බී12 හා ෆෝලික් ඇසිඩ් ද ලැබේ.

6. ඔබ සාමාන්‍ය සම්ප්‍රදායික රසය විදීමෙන් ඒකාකාරි බවක් දැනේ නම් විවිධ වූ ආකාරයේ නව්‍යකරණයන් කරන ලද අලුත් පැසවුම් ඕනෑ තරම් තියනවා රස විදින්න.

7. බියර් වලට දිගු ඉතිහාසයක් ඇත. එය මිනිසා විසින් නිපදවු පැරණිම පානයන් ගෙන් එකකි.
මෙසපොතේමියා යුගයේ "එල්බා" ගල් පුවරු වල අනාවරණය වූ පරිදි බියර් නිපදවීම කාන්තාවන් අතර ප්‍රසිද්ධ වෘත්තියක් ව තිබී ඇත. බාර්ලි වලින් සාදා ගත් බියර් පාරාවෝවරුන්ගේ දිනපතා ආහාර වේලේ කොටසක් වී තිබි ඇත.

8. බියර් සජලකරණයේදි ජලයට වඩා යන්තමින් ඉදිරියෙන් සිටී.

මෑතකදී කරන ලද පර්යේෂණ වලින් මලළ ක්‍රිඩකයන්ගේ ආහාර වේල සදහාද බියර් නිර්දේශිත ප්‍රමාණයක් ලබා ගැනීමට අනුමත කර ඇත.

9. එය ඔබේ අස්ථි වලට හොදය

වර්ෂ 2009 දී කරන ලද පරික්ෂණකදී අනාවරණය කරගෙන ඇත්තේ බියර් වල ඇති ඉහළ මට්ටමේ සිලිකෝන් ඔබේ අස්ථි වල ඝනත්වයට හොද අස්වැසිල්ලක් වන බවයි.

10. විවිධ වූ බියර් වර්ග 400කට ආසන්න ප්‍රමාණයක් ඇත


     

11. බියර් අයිස් ක්‍රිම් සමග මිශ්‍ර කරගත් කල ඉතා රසවත් පානයක් වීම




12. බියර් සෑදිමට ගන්නා "බීර මල්"(හොප්ස්) වල ප්‍රතිවයිරසීය ගුණාංග අඩංගු වීම



ජපානයේ සැප්පාරෝ හී පරීක්ෂකයන් පිරිසක් කරන ලද පරීක්ෂණයකින් හෙලි වී ඇත්තේ බීර මල් වල ඇති හුමියුලෝන් සංඝටකය නියුමෝනියා හා බ්‍රොන්කයිටීස් වලට බලපෑමක් කළ හැකි ප්‍රතිවයිරයක් බවයි.

එම ප්‍රතිවයිරසීය බලපෑම ඇති කිරීමට කෙනෙකුට බියර් අවුන්ස 30-12 අතර පානය කළ යුතුය.

13. විශ්වයේ විශාල පාවෙන බියර් වලාකුලු තිබේ.


විහිලුවක් නෙමෙයි. එම වලාකුලු වල අඩංගු ඇල්කොහොල් වලින් ට්‍රිලියන් 400ක බියර් වීදුරු(පයින්ට් 1) සෑදිය හැක. අවාසනාවකට එය ආලෝක වර්ෂ 10,000 ඈතින් පිහිටා ඇත. 


14. ගිනස් නම් වෙළද නාමය යටතේ ඇති බියර් ඇත්තටම ඉතා සැහැල්ලු බියර් වර්ගයකි.



එක් ගිනස් බියර් පයින්ට් එකක කැලරි 125 අඩංගු වේ. එය හරියටම "කාලේ සලාදයක්" කෑමට ගත්විට ලැබෙන කැලරි ප්‍රමාණයයි.

15. එය ඔබට නින්දට උදව් කරයි

බියර් වල අඩංගු ලැක්ටොෆ්ලේවින් හා නිකොටිනි ඇසිඩ් ඔබට නින්දට උපකාරී වේ.

අවසාන වශයෙන් මෙන්න මේකත් කියන්න කියලා හිතුවා.. ලෝක ප්‍රසිද්ධ සගරාවක් වෙන GQ සගරාව මගින් ලොව හොදම බියර් 50ක් තෝරා තිබෙන අතර එහි 18වන තැන ලාංකිය නිෂ්පාදනයක් වෙන "ලයන් ස්ටව්ට්" හිමි කරගෙන තිබෙනවා.

එහි ඒ ගැන මෙන්න මෙහෙම සදහන් වෙනවා

If you only have one Sri Lankan stout before you kick, make it this one. Creamy and bittersweet, with a rich tan head and notes of fruit. Plus, it comes in cans-perfect for spicing up your next barbecue.

ඒ ගැන මම අවංකවම ආඩම්බර වෙනවා ඔය අමද්‍යප ආකල්පය තුල ඉන්න එවුන් මට මොනා කීවත් කිසි ප්‍රශ්නයක් නැත.



මෙය කිසිවිටක මත්පැන් දිවගෑමට දිරිගැන්වීමක් නොවේ. දැනගැනීමේ ආශාව මත මා කළ විමර්ශනයක් පමණි. පොතට පතට සීමාවූ ජීවිතයේදී සොයාන්නට වෙර නොදැරූ දේවල් ගැන නිවැරදි කෝණයකින් සොයා බැලීමකි. බේබද්දකු වීම උදෙසා නොව ජීවිතය විදීම උදෙසා කළ සොයා යෑමකි... ඕන කෙනක්ට ඕන දෙයක් කියන්නට පුලුවන්ය.. මගේ ජීවිතය මගේය.. එච්චරයි.. !!!




Related Posts Plugin for WordPress, Blogger...