පැලැස්තරය

ලෝකයේ දැන ගැනීමට ඇති බොහෝ දේය. ඒ හැමදෙයක්ම සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැක.හැමදෙයක්ම යන්තම් හෝ දැනගැනීම, අත්විදීම හරහා යන්න හදන උත්සහයක්.

Monday, January 17, 2011

Anthony Zimmer (2005) | පට්ටම් පට්ට ප්‍රංශ බයිස්කෝප් එකක්

2010 වසරේ දෙසැම්බර් මස නිකුත් වීමට නියමිත The Tourist (2010)චිත්‍රපටිය ගැන දන්නවාද ? නොදන්නවා වෙන්න බෑ.. මොකද මෙහි රංගනයෙන් දායක වෙන්නේ ජොනි ඩෙප් හා සුරූපි නිලි ඇන්ජලීනා ජොලීය. ඇත්තටම මේ චිත්‍රපටිය, ප්‍රංශ සිනමා නිර්මාණයක නැවත නිර්මාණයක්

ඉතින් අද මම ඔයාගොල්ලන්ට ලබාදෙන්නේ අන්න ඒ ප්‍රංශ සිනමා සිත්තමයි.



ප්‍රංශ සිනමා නිර්මාණයක් කිව්වට මේක හොලිවුඩ් තත්වයේම තියන සුපිරි නිර්මාණයක්. imdb රේටින්ස් 6.3/10 ලබාගෙන තියන මේ නිර්මාණය Jérôme Salle නම් අධ්‍යක්ෂවරයාගේ නිමැවුමකි.



පැරිසිය ලොව බොහෝ ධනවතුන් ගැවසෙන නගරයක්. එහි රහස් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙයි. ජාත්‍යන්තර පොලිසිය හා රුසියානු මාෆියා කණ්ඩායමක් එකම පුද්ගලයකු වටා ලහුබදියි. "ඇන්තෝනි සිමර්", නමින් ඔහු ඇන්තොනි සිමර්. නමුත් මේ වන විට ඔහුව රූපයෙන් ඔහුගේ බිරිදවත් නොහදුනයි.

මහා පරිමාණ මුල්‍යමය වංචාවකට වග කියන මොහු ප්ලාස්ටික් සැත්කමක් සිදුකරගෙන කට හඩ පවා වෙනස් කරගෙන සියල්ලන්ගෙන්ම වසන්වී සිටියි. ඇන්තොනිගේ එකම දුර්වලතාවය වන්නේ ඔහුගේ බිරිදයි. ජත්‍යන්තර පොලිසිය ඇන්තෝනි අල්ලාගැනිමේ ප්‍රධාන තුරුමපුව කරගන්නේ චියාරා මන්සෝනි නම් වූ ඇන්තෝනිගේ සුරූපි බිරිදයි.



මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් පවති. චියාරා අවන්හලක වාඩිවී සිටියි. ඇයට ලියුමක් ලැබෙයි.එහි සදහන් වන්නේ ඔවුන් ඔබව ලුහුබදියි ඒ නිසා අහබු ලෙස පුද්ගලයකු තෝරාගන්නා ලෙසයි. පසුව දුම්රියකට ගොඩවැදෙන ඇය පුද්ගලයකු තෝරාගනි. පෙනුමෙන් මෙන්ම ගතිගුණ වලින්ද අහිංසකයකු වන ප්‍රැනක්සිස් වෘත්තියෙන් පරිවර්තකයෙකි. අවාසනාව ඔහු වෙත ගලා එන්නේ චියාරා හමුවිමෙන් පසුවය. ඇය ඔහු සමග බෙහෙවින් සමිප වන අතර ඇය ඔහු තම සැමියා බවට ඔවුන් ලැගුම් ගන්නා හෝටලයට පවසයි. රුසියානු කල්ලිය ප්‍රැන්ක්සිස්ව ඇන්තෝනි යැය සිතයි. එමෙන්ම චියාරාද ප්‍රසිද්ධියේ ඔහු සමග තම සැමියා ලෙස හැගවෙන පරිදි හැසිරෙයි. කෙසේ වෙතත් ඇන්තෝනිව කරලියට ගෙන ආ හැක්කේ රුසියානු කල්ලියට පමණි. රුසියානු කල්ලිය නැති කල ඇන්තෝනිව සෙවීම විහිලුවක් වැනිය. චියාරා නිසා අමාරුවේ වැටුනත් ප්‍රැන්ක්සිස් ඇය කෙරෙහි ආදරයෙන් බැදේ. නමුත් චියාරා සමඟ ඔහු ගැවසිම ඔහුගේ ජිවිතයට තර්ජනයක් බව දැනගන්න ඇය ඔහුව සුරක්ෂිත තැනක රදවයි. පසුව ජාතයන්තර පොලිස් රැකවරණය ඔහුට ලැබෙයි.



මේ අතර ඇන්තෝනි අල්ලාගැනිමේ අවසන් තුරුම්පුව එලබෙයි. චියාරා රුසියානු කල්ලියට සිතාමතා කොටුවන්නේ ඇන්තෝනි ඇය වෙනුවෙන් පෙනි සිටිවි යැයි සිතාය. සිතූ ලෙස එය සිදු නොවේ. ඔහු නොපැමිනෙයි. ඇය මරා දැමීමට රුසියානුවෝ තීරණය කරයි. තමාගේ ප්‍රේමය වෙනුවෙන් ප්‍රැන්ක්සිස් ඇය බේරාගැනිමට යයි. සිදුවන්නේ අහිංසකයාට වෙඩි කන්නට සිදුවීමයි. ඔවුන් ප්‍රැන්ක්සිස්ට වෙඩි තැබීමට යයි. ජාත්‍යන්තර පොලිසියේ සැගවුනු වෙඩික්කරුවන්ගේ ක්ෂණික ප්‍රහාරයක් හමුවේ සියල්ල කනපිට පෙරලෙයි.



ප්‍රැන්ක්සිස් ජීවිතය බේරාගනිවිද ? ඔහු තම ප්‍රේමය ජයගනීවිද ?

චියාරාට ඇන්තෝනි සොයා ගැනිමට හැකිවෙයිද ?

රුසියානුවෝ තම පලිය ගනීවිද ? ඇන්තෝනි ජත්‍යන්තර පොලිසියට කොටුවෙයිද ?



ලොකුම ප්‍රශ්නය... "ඇන්තෝනි සිම්්" කවුද ?



කුතුහලය , ත්‍රාසය මනාව කැටි කර ඇති අපූර්ව නිර්මාණයකි. නොසිතෙන අවසානයක් ඇති මේ නිර්මාණය මගහරිනවාද නැද්ද යන්න ඔබම තීරණය කරන්න...

http://thepiratebay.org/torrent/3433083/Anthony.Zimmer.2005.DVDRip.XviD-ESPiSE

Related Posts Plugin for WordPress, Blogger...