පැලැස්තරය

ලෝකයේ දැන ගැනීමට ඇති බොහෝ දේය. ඒ හැමදෙයක්ම සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැක.හැමදෙයක්ම යන්තම් හෝ දැනගැනීම, අත්විදීම හරහා යන්න හදන උත්සහයක්.

Wednesday, June 12, 2013

නොනිමි මතකයට ආදරෙන්

රාගයෙන් පිරුණු ඔඹේ දගකාර ඇස්
නිදහස් දැක්මෙන් පිරුණු ඔඹේ නිර්භය ඇස්
දිය රැලි මෙන් දගලන ඔබේ වරලස
මට කිසි දිනක අමතක නොවේවි...

ඔබ මගේ අතින් අතහැර
මගේ හෙවනැල්ලෙන් ඈතට යන විට
ඔබ හැරී වරක් නොබැලුවොත්
මම ඔබට සමාව නොදේවි...

පොද වැස්සේ පියාඹන වැහිලිහිණියකු සේ ඔබ නටන නැටුමට
හේතු විරහිතව පොඩි දේටත් ඔබේ තරහා ගැනීම
පොඩි දරුවකු සේ ඔබ කරන දගකාරකම් වලට
ඒ හැම දේකටම මම ආදරේ කරාවි..

ඔබේ බොරු පොරොන්දු
ඔබේ නපුරු සිහින
ඔබේ හිතුවක්කාර සිතුම් පැතුම්
ඒ හැම දේකටම මම වෛර කරාවි...
Related Posts Plugin for WordPress, Blogger...