පැලැස්තරය

ලෝකයේ දැන ගැනීමට ඇති බොහෝ දේය. ඒ හැමදෙයක්ම සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැක.හැමදෙයක්ම යන්තම් හෝ දැනගැනීම, අත්විදීම හරහා යන්න හදන උත්සහයක්.

Wednesday, August 31, 2011

"තෙන්න.ඒ.කෝන්" ෆීචරින් "දාවිත් ගැට්ටා" අන්ඩ් "මාලි" Vs "ගැමුණු"




තෙන්න. ඒ. කෝන් ගේ හොදම යාලුවා දාවිත් ගැට්ටා දවසක් සකපෝරුව කරකවන ගමන් තාලයක් අල්ලන්න හිතුවා, මිනිහා ඉතිං රාග තාල වලට දස්සයා.. කොහොම හරි තෙන්න.ඒ.කෝනුත් වැඩේට උදව් කළා... යාලුවට සප් එක නොදන එකාගෙන් ඇති වඩේ මොකක්ද නේ  ..දාවිත් කොල්ලා තාල ඇල්ලුවට සිංදු කියන්න දන්නේ නෑ ... ඒ උනාට තෙන්න.ඒ.කෝන් කොලුවා නම් රෑ පැල් රකිනකොට ලස්සනටම පැල් කවි කියන කොලුවා හැටියට ගමේ ප්‍රසිද්ධ වෙලා උන්නේ ...

පස්සේ දෙන්නා එක්ක එකතුවෙලා සකපෝරු රාගතාලෙට පද මාලාවකුත් දැම්මා. ආයිත් අහලා ගමේ ඉන්න සෙක්සිම කෙල්ල මාලි ගැන තමා එකේන් කියවෙන්නේ .. පස්සේ දෙන්නා එක්ක ඉතිං ගමේ කට්ටියට සිංදුව කියලා පෙන්නුවා. දාවිත් සකපෝරුවෙන් බීට් එක දෙනකොට තෙන්න.ඒ.කෝන් කොලුවා සිංදුව කිව්වා.. සිංදුව අහපු හැමෝම සිංදුවට කැමති උනා ..පස්සේ ඉතිං ගමේ කොල්ලෝ කෙල්ලෝ සිංදුවට නටන්න පටන්ගත්තා... සිංදුව මුළු ගමේම හිට් උනා..

ඒත් ඉතිං දෙන්නා ඕක හැදුවේ මාලි කෙල්ලටනේ... ඉතිං දෙන්නටම ඕනේ උනා ඕක මාලි කෙල්ලට ලයිව් ප්ලේ කරලා පෙන්නන්න... කොහෙද මාලි කෙල්ලගෙන් චාන්ස් එකක් ඉල්ලුවට හම්බෙන්නේම නෑ නේ... ඔය අතරේ ඉතිං ගමේ කොල්ලෝ ටික සිංදුවේ පද පෙරලියක් කරලා සිංදුව කියන්න ගත්තා... මොනා උනත් ඉතිං ගමේ කොල්ලෝ කෙල්ලන්ගේ සුපර් ස්ටාර්ලා උනේ තෙන්න.ඒ.කෝනුයි දාවිත් ගැට්ටයි තමා  ... කොහොම හරි දෙන්නගේ ප්‍රසිද්ධියට ගමේ චන්ඩියා වගේ ඉන්න ගැමුණු කොල්ලා ඊරිසියාවෙන් තමා හිටියේ ... මිනිහා ඉතිං මාන බල උන්නේ තෙන්න.ඒ.කෝන් කොලුවටයි දාවිත් කොලුවටයි ගමේ ඉන්න බැරි වෙන විදිහේ ගේමක් දෙන්න...

ඔය අතරේ මාලි කෙල්ල තෙන්න.ඒ.කෝන්ගේ අම්මට කැවුම් හදන්න උදව් වෙන්න තෙන්න.ඒ.කෝන්ගේ ගෙදර ගියපු වෙලේ තෙන්න.ඒ.කෝන්ට හොරෙන් මිනිහා රැවුල කපන කණ්ණාඩියේ, "පන්සල පල්ලේහා තියන දොල ගාවට එන්න. මම සිංදුව අහන්න ආසයි" කියලා මාලි කෙල්ල කැවුම් හදන්න ගෙනාපු පැණි වලින් ලිව්වලු... ඕක දැකපු තෙන්න.ඒ.කෝන් කොලුවට සතුට කියලා නිම කරගන්න්න බැරුව එවෙලම දුවලා ගිහින් දාවිත් කොල්ලටත් කියලා වැඩේට ලෑස්ති උනාලු.

ඔය දවස් වලම ඉතිං ගැමුණු කොල්ලත් මාලි කෙල්ලට වශි වෙලා තමා උන්නේ.ගැමුණු කොල්ලා චණ්ඩි පාට් එකෙන් මාලි කෙල්ලව අල්ලගන්න ට්‍රයි කරලා හෙම්බත් වෙලා තමයි උන්නේ.. ඒ උනාට ඉතිං මාලි කෙල්ල යන යන තැන හොරාට රිංග රිංග මාලි කෙල්ල එක්ක කතා කරන්න චාන්ස් හොය හොයා තමා හිටියේ..

ඔන්න ඉතිං දොල ලග සකපෝරු සාජ්ජේ තියන දවස උදා උනා.. මාලි කෙල්ලත් දොල ලගට යන්න පිටත් උනා. ඔය අතරේ ගැමුණු කොලුවට සී.අයි.ඒ(සියලු අයිආර්සී කාරයන්ගේ කකය) එකෙන් මැසේජ් එකක් ආවා මාලි කෙල්ල පන්සල පහල දොල පැත්තට ගියා කියලා.. මිනිහත් ඉතිං දොල පැත්තට යන්න පිටත් උනා..

ඔය අතරේ ඉතිං මාලි කෙල්ල දොල ලගට ආවා. කෙල්ල ඉතිං දිය රෙද්දත් ඇදගෙන නානවා වගේ ඇක්ටින් එක දිදි දොලට බැහැලා හිටියා.කොලුවො දෙන්නත් දොල අයිනේ වැටකෙයියා ගාල අස්සේ හැන්ගිලා හිටියා.වෙලාව ආවම දෙන්නම එලියට ආවා.... ඔන්න ඉතිං දාවිත් කොලුවා සකපෝරුව කීස්..බ්‍රිස්..චක බක.. කියලා වට දෙකක් කරකවලා.... බීට් එක අල්ලන්න ගත්තා. තෙන්න.ඒ.කෝන් කොලුවා සිංදුව කියනවා දාවිත් කොල්ලා බීට් එක දෙන්නවා... ඔය බීට් එකට ඉතිං ගමේ කාටත් නැට උනානේ... ඉතිං මාලි කෙල්ලට නැටවෙන එක අහන්න දෙයක්ද... මාලි කෙල්ලත් ඔන්න දොලේ තියන ගල් පොත්තට නැගලා ඩාන්ස් කරන්න ගත්තා...ඔය අතරේ ගැමුණු කොල්ලත් දොලට කිට්ටු උනා කෙල්ල නටනවා දැක්ක ගැමුණු කොල්ලා මිනිහාගේ කැමරා ෆෝන් එකෙන් ෆෝටෝ දෙක තුනක් ගත්තා. ඒ උනාට තෙන්න.ඒ.කෝන් කොලුවයි දාවිත් කොල්ලයි දැකලා මිනිහට යකා ආවේස වෙලා හිටියේ... මිනිහා මොකද කලේ... පන්සලේ හිටි බුදු පිලිමේ ෆෝටෝ එකේ බැක්ග්‍රවුන්ඩ් එකට අහුවෙන විදිහට ෆෝටෝ ගත්තා...

ඔන්න පහුවෙනිදා උදේ පාන්දරම මුලු ගමේම එකම කාල ගෝට්ටියයි. "බුදුපිලිම ඉස්සරහ කෙල්ලන්ට සිංදු කියන උන් ගමෙන් එලවව්"  කියලා අර ගැමුණු ගත්ත ෆෝටෝ දාලා පෝස්ටර් ගම පුරාම අලවලා. ගැමුණු කොල්ලා මූලික වෙලා ඉතිං අර අහිංසක කොල්ලෝ දෙන්නාව ගමෙන් එලවා ගත්තා. ගමේ මෝඩ මිනිස්සුත් කිසිදෙයක් හොයන්නේ බලන්නේ නැතුව ගැමුණුගේ පැත්ත අරගෙන කොල්ලෝ දෙන්නාව ගමෙන් පන්නන්න උදව් කලා  . පස්සේ ඉතිං මාලි කෙල්ලත් හැමෝටම හොරෙන් ගමෙන් පැනලා ගියා. ගැමුණු කොල්ලා ගමේ වීරයා උනා . මේ කරපු වීර ක්‍රියාවට ගැමුණුට රජ වාසලේ පුරෝහිතකමකුත් පිරි නැමුණා .

පැනලා ගියපු තෙන්න.ඒ.කෝන් පස්සේ කාලෙක ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් උනා . දාවිත් ගැට්ටා ලෝක ප්‍රසිද්ධ සකපෝරු රාගතාල අල්ලනෙක් උනා..

දන්නවද මාලි කෙල්ලට මොකද උනේ කියලා. මාලි කෙල්ලට ගංජා වවන දුපතක් ඉන්න බොබ් කොල්ලව හම්බ උනා.. ඒ දෙන්නා කසාද බැදලා සතුටින් හිටියා. ඒ දෙන්නට හම්බුන කොලුපැටියට දෙන්නගෙම නම් එකතු කරලා "බොබ්මාලි" කියලා දැම්මා.

අන්තිමට ඉතිං තෙන්න.ඒ.කෝන් කොලුවත්, දාවිත් ගැට්ටා කොලුවත් , මාලි කෙල්ලත් , ගැමුණු කොල්ලත් සතුටින් ජීවත් උනා ...... ඉවරා..යි
Related Posts Plugin for WordPress, Blogger...