පැලැස්තරය

ලෝකයේ දැන ගැනීමට ඇති බොහෝ දේය. ඒ හැමදෙයක්ම සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැක.හැමදෙයක්ම යන්තම් හෝ දැනගැනීම, අත්විදීම හරහා යන්න හදන උත්සහයක්.

Sunday, November 2, 2014

පොල් පැණි


ස්ත්‍රිය තුලින් පුරුෂයා ලබන වින්දනය සේම
පුරුෂයා තුලින් ස්ත්‍රියද වින්දනය ලබන්නේය
නමුත්
ආදරයඉඹුල් කිරිබත් හී
පැණි රොද මෙන්
ඒ අතරට පැමිණි කළ
කොයි ආකාරයේ වේදනාවක් වුවද
විදීමට සූදානම් විය යුතුය
නමුත් 
එය එකිනෙකාට 
ආවේනික වන්නට යන්නේය...
නමුත්..
හොදම ටික හරි මැදය..

මැනේජර් ඇට් ක්‍රස්ටි ක්‍රැබ්


මැනේජර් ඇට් ක්‍රස්ටි ක්‍රැබ් නොවුනාට
කාමා ගිහින් ෆොටෝ අප්ලෝඩ් නොකලාට
බුකියේ දකින ඒ සුන්දර පොෂ් ජීවිත
සිහින මවයි අපේ ජීවිත හරහට

ඔසී ඉන්ග්ලන්ඩ් යන්න හීනෙන් හිතුවට
ගිහින් හෝදන පිගන් කටු ගැන හිතුවම
ගෙදර බත් කට රජ බොජුන් විය ක්ෂණිකව

හම්බ කරලා දීග යන්නට මේ ටික
ඩිග්රි පිටරට ජොබ් ඕනෙමද විදවන
ක්‍රස්ටි ක්‍රැබ් වල ඉන්න උන්වගේ පොෂ් නොවුනට
කාලා ඇදලා විදිමි මම අද සුර සැප

බලාපොරොත්තු මිනිස්සු ජීවත් කරනවා කියනවනේ


දහසක් සිහින ඇවිත් යන 
දහසක් නගර හමුවන 
නවාතැන්පල එය විය 
පෙට්ටි ගොඩකට එක උඩ 

හමුවන නගර අතර අප 
යන එන සිහින ඔසවන 
දොඹකර දුවන ලෙස අප 
රකියි දොඹකර හදවත 

වක්‍රව සිහින රකිනට 
ලැබෙනට නිසි කලට හිමි අය 
කැපකර අප දිවිය, බලාසිටිනෙමු 
ලොවට පොඩි වූ අපට ලොකුවූ මගේ හීනය දෙස
Related Posts Plugin for WordPress, Blogger...