පැලැස්තරය

ලෝකයේ දැන ගැනීමට ඇති බොහෝ දේය. ඒ හැමදෙයක්ම සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැක.හැමදෙයක්ම යන්තම් හෝ දැනගැනීම, අත්විදීම හරහා යන්න හදන උත්සහයක්.

Saturday, August 2, 2014

යුක්තිය වෙනුවෙන් පෙළ ගැසීමට කාලය එළඹ ඇත



වියානාවට මග හැරුණු සිත්තරා ඔහු ය
ගෘහස්ත හිංසනයේ පරපීඩකයකු වූ ඔහු
ලෝකය හිට්ලර් නමින් හැදින ගත්තේය...

ළමා අවධියේ 
මනසට ඇති කෙරුණු බලපෑම
අවසානයේ සමස්ත ලෝකයක් 
කරා වෛරයක් ලෙසින් 
මුදා හරින්නට
ඔහුව පොළඹවන ලදී...

මල්.. ලමයින්ට දිය හැකි සරලම අර්ථකතනය එයයි...
මල් හරිම සුන්දරය.. ලමයින්ද එසේමය..
මලක සෑබෑ ස්වභාවය හදුනන්නේද මිනිස් සිත්ය..
නොමිනිස් සිතකට මලක් සුනු විසුනු කරන්නට ගතවන්නේද නිමේෂයකි..

සෑම තත්පරයක දී ම 
ඒ කීරි නගන 
සුසුමක් ලෙසින් 
අහිංසක පුංචි හදවත් කලබන ලමා අපචාරයට
නිහඩත්වය සේද පොරෝනයක් වී ඇත

නූතන සමාජීය ෆැන්ටසීකරණය තුල මංමුලා වී ඇති අපට 
යුක්තිය වෙනුවෙන් පෙළ ගැසීමට කාලය එළඹ ඇත

එන්න.. නොමිනිස් මුර්ගයන්ට එරෙහිව නැගිටින්න
එන්න.. එකිනෙකාට ඇගිල්ල දිගු කිරීමට නොව

මහා ජාතික කර්තවයකට එක්වන්න
එකම අම්මාගේ දරුවන් වෙනුවෙන් නගන්නට

හඩක්

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...