පැලැස්තරය

ලෝකයේ දැන ගැනීමට ඇති බොහෝ දේය. ඒ හැමදෙයක්ම සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැක.හැමදෙයක්ම යන්තම් හෝ දැනගැනීම, අත්විදීම හරහා යන්න හදන උත්සහයක්.

Tuesday, September 1, 2015

එම්බසඩර් ඔෆ් තෘ ලව්


හිනැහෙන්න ආසයි මම
ලෝකයම දෙවනත් වෙන්න..
වැජබෙන්න ආසයි මම
ලෝකයට ඉහලින්ම..
විදගන්න ආසයි මම
ආදරය මහ වැසි විලස..
සිඹින්නට ඔබේ දෙතොල
ආසයි මුලු ලොවට පෙනෙන්නට..
අන් කිසිත් නැත මිනිසෙකුට
ප්‍රේමයක් නැති වේදිකාවක..

Wednesday, July 29, 2015

අසම්පූර්ණ අපේ කතාව


දහ අට ප්ලස් අපේ ජීවිත වල
අසම්පූර්ණ අපේ කතාව
ලියාගන්න වෙර දරන අපි
නොනිමි හීනයක හිරවෙලා

පාට කණ්නාඩි වලින් වැහුන කලු සුදු ලෝකය
ෆැන්ටසියක් ලෙස දකින අපි
තියන සිස්ටම් එකට ඇප්ලයි වෙමින්
උදේට යන හවසට එන  ජීවිතය තෝරාගනියි

එකොනොමි එකට ගැලපෙන
බඩගෝස්තරය සපිරෙන
මෙතඩ් වලට ඇප්ලයි වෙලා
වෙනසක් කරන්න කතා කරනවා අපි

Thursday, July 23, 2015

ඇප්ලයිස් ටු මෙනි සිටුවේෂන්ස්.


නඩුත් හාමුදුරුවන්ගේය
බඩුත් හාමුදුරුවන්ගේය
ස්ටේජ් එකත් උන්නැහේලාගේමය
ඔව්, ඔබලා ශුද්ධ වූ ඩයල්ය
සීනි මෙන් මිහිරිය
හෙරොයින් වලට විරුද්ධය
කොකේන් වලට තහනමය
නමුත්,
අදයි මම දැගත්තේ
සීනිකොකේන් වලට වඩා
අට ගුණයකින්
විස බව..

තාත්තේ..


හිරු නගින්නට පළමු කොට
 අප දිවිය එලි කළ දිනපති,
 රශ්මි ධාරා විද දරාගෙන
 අපට සිහිලස දුන් තරුපති,
 රජ පුටුව මත මා හිදෙව්වේ
 ඔඹේ දහදිය අනා ගල් බැදි මාලිගේ..

තුන් කල් ගියත් 
 නබෝගැබ පුරා විහිදුනු 
  ඔබේ සෙවනේ ඉන්න
  ආසයි මට තාත්තේ..

සර්පයා

හාදු නැති ඒ පාලු හදකට
 හාදුදෙන්නට මාන බලනා සර්පයා
ඕන ලිදකින් වතුර බොන්නට
 කඩුලු පනිනා සර්පයා
 ඇගේ කදුලැලි පිසලමන්නට 
 දෑත දිගු කල ඒ කෙනා
 යහන් සුව විද සර්ප වෙස් ගෙන
 යන්න යන ඒ ඔහු තමා...

 සර්ප වෙස් ගත් පිරිමි ප්‍රාණිය
 සිර කළා ඇගෙ සුමුදු සිහිනිග
 තවරලා ඌ සර්ප හැව යට 
දූලි කළ හැටි ගැහැණු සිහිනය.. 

 යහන සරසා සුමුදු නල් පෙති 
ඒ යටින් විස දළ ද අතුරා
 රාගයම විතරයි උගේ
  කෙදිරියක් ලෙස පිට වුනේ.. 

 ඇගේ තුගු ළැම හප කළා ඌ 
ඉතිරි නොකරම කිරි සිහින මතු.
 ඒත් ගැහැණිය බලා සිටියා 
 ගෙනෙන තුරු පෙම් සිහින විසකුරු..

Feeling මනමේ


කඩුව මගේ උනත්
උඹ දුන්නේ කොපුව මට,
මම එදා නොදින්නත්
කුමාරයෙක් උනා මම,
වැද්දා දින්නත්
මගේ කඩුවෙන් මටම ඇන,
වැද්දා යාවි උඹ අතහැර කැලය මැද
කීවා පුවත එදවස මතකද උඹට,
උඹ අද රගයි තනිවම
මනමේ.. නාටකය...
අන්තිම කොටස මම බැලුවේ,
බැල්කනි සීට් එකේ හිද...

මගේ හීනය රැකගන්නට..



ධර්මයෙන් ටෝක් දී
බුරුමයෙන් විදින පොරවල්
අතර,
සැගව මානමි හරස් හුය
කොකා ගස්සන්ට මගේ ගිනි කඳ,
රුසියාවට වැඩිය ලොකු
මගේ හීනය රැකගන්නට..

ඔන්න ඕකයි තත්වේ


ආදරය යනු
දෙදෙනකු අතර 
ඇතිවන්නාවූ
අසීමිත ලෙන්ගතුකමකි..
නැතිව,
එටෙන්ෂන්
හෝ
කෙයාරින්
නොවන්නේය..
නමුත් ගැහැණුන්
 ආදරයට 
වඩා
හොයන්නේ
එටෙන්ෂන්
හා
කෙයාරින්ය..

Wednesday, January 14, 2015

සෙරෙප්පු නම් ඉතිං ආයේ.. රබර් සෙරෙප්පු තමයි


කාගෙත් පයට පෑගෙන
මිහිකත හොදට හදුනන
වෙන් නොවන පෙම් හවුල
ගෙන යයි අපිව ලෝ මත හැම තැන

දුප්පත් පොහොසත් බේද නැති
කාටත් එක ලෙසට සලකති
දුක සැප නිහඩවම විදගනි
අපට සුව දෙන පිණිස කැපවෙති

රබර් මෙන් වුවද
කාගෙත් හිතවතා විය කවදත්
ගෙවුන කළ විසි කෙරුවත්
රබර් මිරිවැඩිසගල දෙයි මට රාජ ගැම්මක්

Sunday, November 2, 2014

පොල් පැණි


ස්ත්‍රිය තුලින් පුරුෂයා ලබන වින්දනය සේම
පුරුෂයා තුලින් ස්ත්‍රියද වින්දනය ලබන්නේය
නමුත්
ආදරයඉඹුල් කිරිබත් හී
පැණි රොද මෙන්
ඒ අතරට පැමිණි කළ
කොයි ආකාරයේ වේදනාවක් වුවද
විදීමට සූදානම් විය යුතුය
නමුත් 
එය එකිනෙකාට 
ආවේනික වන්නට යන්නේය...
නමුත්..
හොදම ටික හරි මැදය..

මැනේජර් ඇට් ක්‍රස්ටි ක්‍රැබ්


මැනේජර් ඇට් ක්‍රස්ටි ක්‍රැබ් නොවුනාට
කාමා ගිහින් ෆොටෝ අප්ලෝඩ් නොකලාට
බුකියේ දකින ඒ සුන්දර පොෂ් ජීවිත
සිහින මවයි අපේ ජීවිත හරහට

ඔසී ඉන්ග්ලන්ඩ් යන්න හීනෙන් හිතුවට
ගිහින් හෝදන පිගන් කටු ගැන හිතුවම
ගෙදර බත් කට රජ බොජුන් විය ක්ෂණිකව

හම්බ කරලා දීග යන්නට මේ ටික
ඩිග්රි පිටරට ජොබ් ඕනෙමද විදවන
ක්‍රස්ටි ක්‍රැබ් වල ඉන්න උන්වගේ පොෂ් නොවුනට
කාලා ඇදලා විදිමි මම අද සුර සැප

බලාපොරොත්තු මිනිස්සු ජීවත් කරනවා කියනවනේ


දහසක් සිහින ඇවිත් යන 
දහසක් නගර හමුවන 
නවාතැන්පල එය විය 
පෙට්ටි ගොඩකට එක උඩ 

හමුවන නගර අතර අප 
යන එන සිහින ඔසවන 
දොඹකර දුවන ලෙස අප 
රකියි දොඹකර හදවත 

වක්‍රව සිහින රකිනට 
ලැබෙනට නිසි කලට හිමි අය 
කැපකර අප දිවිය, බලාසිටිනෙමු 
ලොවට පොඩි වූ අපට ලොකුවූ මගේ හීනය දෙස

Monday, September 29, 2014

කුලකය



තනිකමින් පිරුණු 
හදවතේ වේදනාව 
තුල සිර වුනු 
සොදුරු මිනිසුන්
 පොහොසතා
 හා 
දුප්පතා
 යන කුලක
 දෙක තුලම ඇත..

Thursday, August 21, 2014

පුංචි ජොනී වෙන දවසක එන්න කිව් වැස්ස


සීතල සුමුදු මදනල 
දිවියට මිහිරි සුවදෙන 
තාලය නගන ඒ හඩ 
වැහි බිදු නොවෙද සුමිතුර  

පුංචි ජොනී වෙන දවසක එන්න කිව් වැස්ස මෙය 
එන හැමදාම මම පෙම් කරන වැස්සද මෙය 
හිරිකඩ ගෙනෙන ඒ සොදුරු සුව මිහිර  
මා පිනවයි ලිය කෙලි ලෙසින් සිත ලග 

 හැර දා නොයන මා පෙම් කල පෙම්බරිය
සුභ ලකුණක්ය හමුවන කල හිමිදිරිය 
කවුරුත් බනින අකැමති මේ සුරතලිට  
පෙම් බැදි පුංචි කොලුවෙකි මම දගකාර

Monday, August 4, 2014

මිරෑකල්ස්


ජීවිතේට එලියක් ලැබුන නැති
ආදරේක පහසක් වින්ද නැති
ප්‍රේමනීය සුවයක් ලබපු නැති
ජීවිතය සොයයි ඇය,ඒ වින්ද නැති

සිප් සතර සොයා දිවගිය ඒ ඇගිලිතුඩු
සෙනෙහස් උල්පතේ ගිලිලා හුස්ම ගිහින්
ප්‍රේමය හෙව්වේ එන්නයි එලියට අදුරින්
වැරදුනි ඇයට තෙල් නැති පහන දල්වා ටිකකින්

කදුලින් කදුල ඒ කදුලින් තව කදුලු
ආ මග තෙත්ව ඇත, යන මග එරෙන සුලු
වැටි වැටි නැගිට්ටත් ඉගිලෙන්නට බෑලු
ජේසුගේ පෙම සොයන්නට ඇය දිව යන්නම්ලූ

පදවැල් ඇමිනුවද මම මේ තරම් දිග
විසදුම් කතා නැත මා ලග දෙන්නට ඇයට
පිලිතුර ඔබ ලගයි කීවේ මේ මමය
පුදුමාකාර දෙවිදුනි "මිරෑකල්ස්" කොහෙද ?

Saturday, August 2, 2014

විප්ලවයත් ප්‍රේමයත් මුණගැසුන දා


"ආදරය" 
විප්ලවයේ ප්‍රධාන වස්තු බීජයයි
චේ ගුවේරා වදන් බව
අප දනී, ප්‍රේමය විපරිත වූ කල

වීරත්වය ආභරණයක් වූ කල
පසෙක ලා එය කරනු බලපෑම 
ගෞරවනීය වන්නට සමාජය හට
ඉතිහාස ගත කල බලපෑම
අමරණීය කරයි සමාජය තුල ඔබ

එහෙත්
ආදරය කරන්නට
නොහැකි වූ කල ඔබට 
මනුෂයකු නොවේ යැයි ඔබ හැදිනගනු සොද

එබැවින් එන්න විප්ලව වේදිකාවට
රගපාන්නට නොව ජීවත් වන්නට
විප්ලවීය වෙනසක් එහි ඇති කරන්නට
"ආදරයට ආදරය කර බලනු" රස කෝම..

තේරවිල්ල


හිරවී පීඩිතයි ගුවන්තනාමෝ බේ වැනිය
ප්‍රශ්නමයි හැමදාම ගෝතම් සිටි වැනිය
කදුලින් තෙත් වෙලා ලන්ඩන් සිටි වැනිය
සෙනහස හිග වෙලා සහරා බිම වැනිය
ගල් වී නිරුත්තර ආක්ටික් බිම වැනිය
රමණීය මොහොතත් පෙප්සි කෝලා වැනිය

උත්තරය දන්නෝ හිරවී හමාරය
හෙනරාජ තෛලයෙන් යදම් වැල බිදලන්න
අමුර්තය සොයාපන් සුරලොව වෙත යන්න..

පනින්ට පෙර සිතා බලන්න


එකම වලේ වැටුන මිනිසා
සිත කය දෙකම දුර්වලව ඇත්තා
දැන දැන වැටුනු බව සිත සිතා
සාප කරාවි ආදරයට සැමදා

කදුලු නොගලයි හඩන්නට
සිතට බැරි කළ වාරුගන්නට
රමණයේ මරණය ප්‍රේමයම නොම බව
දැන දැනත් උන් වැටෙයි වලටම

අස්ථිර ලෝකේ ස්ත්‍රි ආලය
ඉරුවා රුදාවත් පරයා යන කල
සියොත් පෙම් යුවල යැයි හැදිනගත්තද
සියොත් සතු නිදහස මිනිස් ලොව හිමි නැත

අපි ඉන්ඩිපෙන්ඩන්ස් යුගයේ ආර්කේඩ් තරුණ පරම්පරාවයි


30 වස් කුරිරු යුද්ධය අත්වින්ද මිනිසුන්
ප්‍රභා මරා කිරිබත් කාපු මිනිසුන්...
අහෝ දැන් අලුත් රටකි.. එහි,
සෙල්ෆි දැන් ට්‍රේන්ඩ් එකයි
ආර්කේඩ් වන්දනීයයි
දිරවගන්නට අමාරුයි..

යුක්තිය වෙනුවෙන් පෙළ ගැසීමට කාලය එළඹ ඇත



වියානාවට මග හැරුණු සිත්තරා ඔහු ය
ගෘහස්ත හිංසනයේ පරපීඩකයකු වූ ඔහු
ලෝකය හිට්ලර් නමින් හැදින ගත්තේය...

ළමා අවධියේ 
මනසට ඇති කෙරුණු බලපෑම
අවසානයේ සමස්ත ලෝකයක් 
කරා වෛරයක් ලෙසින් 
මුදා හරින්නට
ඔහුව පොළඹවන ලදී...

මල්.. ලමයින්ට දිය හැකි සරලම අර්ථකතනය එයයි...
මල් හරිම සුන්දරය.. ලමයින්ද එසේමය..
මලක සෑබෑ ස්වභාවය හදුනන්නේද මිනිස් සිත්ය..
නොමිනිස් සිතකට මලක් සුනු විසුනු කරන්නට ගතවන්නේද නිමේෂයකි..

සෑම තත්පරයක දී ම 
ඒ කීරි නගන 
සුසුමක් ලෙසින් 
අහිංසක පුංචි හදවත් කලබන ලමා අපචාරයට
නිහඩත්වය සේද පොරෝනයක් වී ඇත

නූතන සමාජීය ෆැන්ටසීකරණය තුල මංමුලා වී ඇති අපට 
යුක්තිය වෙනුවෙන් පෙළ ගැසීමට කාලය එළඹ ඇත

එන්න.. නොමිනිස් මුර්ගයන්ට එරෙහිව නැගිටින්න
එන්න.. එකිනෙකාට ඇගිල්ල දිගු කිරීමට නොව

මහා ජාතික කර්තවයකට එක්වන්න
එකම අම්මාගේ දරුවන් වෙනුවෙන් නගන්නට

හඩක්
Related Posts Plugin for WordPress, Blogger...